එකම පාසලේ එකම නම තියෙන ගුරුවරු දෙන්නෙකුට තැපැල් ඡන්දයා දන්න ගිහින් වෙලා තියන දෙයක්..

Sri Lanka Election Sri lanka election 2024 sri lanka presidential election 2024
By Piyumika Sep 16, 2024 03:45 AM GMT
Piyumika

Piyumika

Report

තැපැල් ඡන්දට සලකුණු කිරීමේ දී වෙනත් අයෙකුගේ ඡන්දය භාවිත කළ පාසල් ගුරුවරයෙක් සහ එම තැපැල් ඡන්ද මධ්‍යස්ථානය භාරව ක්‍රියාකළ නිලධාරියා සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇති බව පුත්තලම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී සුනන්ද හේරත් පැවසීය.

පාසල් ගුරුවන් තැපැල් ඡන්දය සලකුණු කිරීමට ඉකුත් 04 වනිදා සිදුකළ අතර, හලාවත – පම්බල පිහිටි කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ ද තැපැල් ඡන්ද මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබුණි.

මේ අයට ඡන්ද මධ්‍යස්ථාන නිරීක්ෂණය තහනම් - මැතිවරණ කොමිෂන් සභාව ගත්ත අලුත්ම තීරණය ..

මේ අයට ඡන්ද මධ්‍යස්ථාන නිරීක්ෂණය තහනම් - මැතිවරණ කොමිෂන් සභාව ගත්ත අලුත්ම තීරණය ..

එම ඡන්ද මධ්‍යස්ථානයට ඡන්දය භාවිත කිරීමට පැමිණි ගුරුවරයෙකුට එම ඡන්ද මධ්‍යස්ථානය භාරව කටයුතු කළ නිලධාරියා විසින් වෙනත් ගුරුවරයෙකුට අයත් ඡන්ද පත්‍රිකාවක් මෙම ගුරුවරයාට නිකුත්කර ඇති බවයි වාර්තා වනුයේ.

එම ගුරුවරයා තමන්ට නිකුත් කරන ලද ඡන්ද පත්‍රිකාවේ තම ඡන්දය සටහන් කර පිටත්ව ගොස් ඇති අතර, පසුව පැමිණි ගුරුවරයෙක් තමන්ගේ ඡන්දය භාවිත කිරීම සදහා අවසර ඉල්ලා ඇත.

එහිදී ලේඛන පරීක්ෂාකර ඇති ඡන්දය මධ්‍යස්ථානය භාරව කටයුතු කළ නිලධාරියා පවසා ඇත්තේ එම ඡන්දය පාවිච්චිකර ඇති බවයි. ඒ අනුව එම පාසල් ගුරුවරයාට තම ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලැබී නොමැත.

තම හිතවතිය අත්අඩංගුවට ගන්නට සැරසෙන්නේදැයි ආණ්ඩුකාරයෙක්ගෙන් පොලිසියට සද්දයක්..

තම හිතවතිය අත්අඩංගුවට ගන්නට සැරසෙන්නේදැයි ආණ්ඩුකාරයෙක්ගෙන් පොලිසියට සද්දයක්..

ඡන්දය භාවිත කිරීම අවසන් වූ විට ලේඛන පරීක්ෂා කිරීමේ දී සිදුවී ඇති දෝෂය හදුනාගෙන ඇති අතර, ඉතිරිව තිබූ එක් ඡන්ද පත්‍රිකාවකින් ඒ බව අනාවරණය වී තිබෙනවා. ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ ගුරුවරයාගේ ඡන්දය භාවිත කර ඇත්තේ ඔහුගේ නමට සමාන නමක් ඇති වෙනත් ගුරුවරයෙකු විසින් බවට එහි දී අනාවරණය වී තිබේ.

පසුව මේ සම්බන්ධයෙන් පුත්තලම තේරීම් භාර නිලධාරීවරයා වෙත වාර්තා කිරීමට අදාළ ඡන්ද මධ්‍යස්ථානය භාරව සිටි සහකාර තේරීම් භාර නිලධාරීයා කටයුතු කර ඇති බව සඳහන්. එහිදී තමන්ට ලැබී ඇති වාර්තාව මැතිවරණ කොමිෂම වෙත යොමුකර අවශ්‍ය ඉදිරි පියවර විමසා සිටි බව පුත්තලම තේරීම් භාර නිලධාරීවරයා සදහන් කරන ලදී.

මතට ඇබ්බැහි වූ කාන්තාවන්ට කරන්න යන අලුත්ම දේ බලන්න...

මතට ඇබ්බැහි වූ කාන්තාවන්ට කරන්න යන අලුත්ම දේ බලන්න...

කෙසේ වෙතත් තැපැල් ඡන්දය අහිමි වූ ගුරුවරයාට තම ඡන්දය භාවිත කිරීමට අවසර ලබාදීම සදහා, වෙනත් අයෙකුගේ ඡන්දයක් භාවිත කළ ගුරුවරයා සහ ඡන්ද මධ්‍යස්ථාන භාර නිලධාරියා සමබන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක කළ යුතු බවයි ගත යුතු බවයි පුත්තලම තේරීම් භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසුවේය.

මේ අතර වෙනත් අයෙකුගේ ඡන්දය භාවිතා කළ සහ ඡන්දය අහිමි වූ පාසල් ගුරුවරුන් දෙදෙනාම මාදම්පේ ප්‍රදේශයේ එකම පාසලක සේවය කරන ගුරුවරුන් බව අනාවරණය වීය .