පානදුරේ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මරුට

Crime Death Gun Shooting Latest Headlines Sinhala news
By Shehan Aug 28, 2025 01:26 AM GMT
Shehan

Shehan

Report

පානදුර අලුබෝගහවත්ත ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව වාර්තා වේ.

ඊයේ (27) රාත්‍රියේ නිවසක සිටි පුද්ගලයෙකුට යතුරු පැදියකින් පැමිණි බවට සැක කෙරෙන දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බව පොලීසිය පවසයි.

වෙඩි වැදීමෙන් එම පුද්ගලයා මියගොස් ඇති අතර, මියගොස් ඇත්තේ අලුබෝගහවත්ත ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකු බව සඳහන්ය.

ඒකාබද්ධ කාලසටහන්වලට විරුද්ධව ලංගම වර්ජනය ඇරඹෙයි

ඒකාබද්ධ කාලසටහන්වලට විරුද්ධව ලංගම වර්ජනය ඇරඹෙයි

ඝාතනයට හේතුව හෝ යොදාගත් ගිනි අවිය පිළිබඳ තොරතුරු මෙතෙක් හෙළි වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර නිලංග නැමති අපරාධ කල්ලි සාමාජිකයාගේ මාමණ්ඩිය බව වාර්තා වේ.

පානදුර සලිඳු නැමති අපරාධ කල්ලි සාමාජිකයාගේ මෙහෙයවීම මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරයි. 

අද මේ ලග්න හිමි විවාහ අපේක්ෂකයන්ට සුබ ග්‍රහයෝගයක් - ඔබේ වාසනාවත් දැන්ම බලන්න

අද මේ ලග්න හිමි විවාහ අපේක්ෂකයන්ට සුබ ග්‍රහයෝගයක් - ඔබේ වාසනාවත් දැන්ම බලන්න

ඔයාලා පටලන් ඉන්නේ විශේෂ ගුවන් යානයක් වෙන් කරන් රට ගිය එකයි අනුර මළ ගෙදරක ගිය එකයි දෙකක්, ඒක රාජ්‍ය දේපළ අවභාවිතයක් වෙන් නෑ, පැටලුම් ලිහන්න ට්‍රයි කරන විජිත

ඔයාලා පටලන් ඉන්නේ විශේෂ ගුවන් යානයක් වෙන් කරන් රට ගිය එකයි අනුර මළ ගෙදරක ගිය එකයි දෙකක්, ඒක රාජ්‍ය දේපළ අවභාවිතයක් වෙන් නෑ, පැටලුම් ලිහන්න ට්‍රයි කරන විජිත