අස්ගිරි අනුනායක තේරීමේ නිලවරණය අද

Report

අස්ගිරි පාර්ශවයේ අනුනායක පදවි දෙකෙන් මේ වනවිට පුරප්පාඩු වී තිබෙන අනුනායක ධුරයට සුදුසු හිමිනමක් පත්කර ගැනීම සඳහා අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ කාරක සංඝ සභාව අද දින (28) රැස්වීමට නියමිතව තිබෙනවා.

අනුනයක ධූරය හෙබවූ පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී නාහිමි අපවත් වීමෙන් එම ධූරය පුරප්පාඩු වුණා.

මේක ඇහුවොත් උක් ගොවීන්ට සතුටු හිතෙයි, ඔන්න ප්‍රශ්න ඔක්කොම ඉවර වෙන්න ජනපති දුන්න තීරණේ

මේක ඇහුවොත් උක් ගොවීන්ට සතුටු හිතෙයි, ඔන්න ප්‍රශ්න ඔක්කොම ඉවර වෙන්න ජනපති දුන්න තීරණේ

මේ වනවිට මහියංගණ රජමහා විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමි සහ අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි නාරංපනාවේ ආනන්ද නාහිමි අනුනායක පදවිය සඳහා ඉදිරිපත් වන බව සංඝ සභාවට දැනුම් දී තිබෙන බවද වාර්තා වෙනවා.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පදවි දෙකක් පවතින අතර ඉන් එක් පදවියක වර්තමානයේ වැඩ සිටින්නේ පූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමියන්ය. 

අද මේ ලග්න හිමි විවාහ අපේක්ෂකයන්ට සුබ ග්‍රහයෝගයක් - ඔබේ වාසනාවත් දැන්ම බලන්න

අද මේ ලග්න හිමි විවාහ අපේක්ෂකයන්ට සුබ ග්‍රහයෝගයක් - ඔබේ වාසනාවත් දැන්ම බලන්න