කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් 6ක් අත්අඩංගුවට
මෙරට ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයන් පස්දෙනෙකු සහ කාන්තාවක් ඉන්දුනීසියාවේදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ ජාත්‍යන්තර පොලිසිය (Interpol) ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත ඇතුළු පුද්ගලයන් සිටින බවත්, ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම, ගිනි අවි ජාවාරම, සහ විවිධ අපරාධ ක්‍රියාවලට සම්බන්ධ බවට සැකකෙරෙන බවත් පොලිසිය සඳහන් කළේය. මෙම පිරිස ශ්‍රී ලංකාවේ සිදුකළ බවට සැකකෙරෙන ඝාතන, බියවැද්දීම්, සහ මුදල් වංචා ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බවට තොරතුරු හෙළිවී තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉන්දුනීසියානු ආරක්ෂක අංශ ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරමින් සිටින අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ඉදිරි පියවර ගනු ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
