රනිල්ට තවත් පරීක්ෂණ කිහිපයක් - වෛද්‍ය බෙල්ලන ආයි කට අරී

Ranil Wickremesinghe Colombo National Hospital Latest Headlines Sinhala news Colombo politics heat up
By Shehan Aug 28, 2025 03:53 AM GMT
Shehan

Shehan

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

ජාතික රෝහලේ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසා ඇත්තේ, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කිහිපයක් අද (28) සිදු කිරීමට නියමිත බවයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශයකට අනුව, හිටපු ජනාධිපතිවරයා හෘද සැත්කමකට භාජනය කළ යුතු බවට තීරණය වී ඇති බවද වෛද්‍ය බෙල්ලන මහතා සඳහන් කර ඇත.

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

ඔහුගේ විජලන තත්ත්වය, අධි රුධිර පීඩනය, දියවැඩියාව, ඉහළ ක්‍රියේටිනින් මට්ටම්, සහ අඩු සෝඩියම් මට්ටම් හේතුවෙන් හෘදයාබාධ හෝ වකුගඩු ආබාධ වැනි සංකූලතා ඇතිවීමේ අවදානමක් පවතින බවද ප්‍රකාශ වී ඇත.

කෙසේ වුවද, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා විසින් හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ මාධ්‍ය වෙත තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ඊයේ (27) මහනුවරදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.