ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිට සිදු වූ අනතුරෙන් එක් අයෙක් ජීවිතක්ෂයට

Sri Lanka Police Sri Lanka Accident Death Sinhala news
By Kaushi May 17, 2025 05:32 PM GMT
Kaushi

Kaushi

Report

මොරගහහේන පොලිසිය විසින් හොරණ ගෝනපොල කෝරළඉම ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී තීරෝද රථයක අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා කරයි.

එසේම තීරෝද රථයේ රියදුරු හා එහි ගමන් ගත් කාන්තාවක තුවාල ලබා ඇති අතර ප්‍රතිකාර සඳහා ඔවුන්ව රෝහල්ගත කළ බව සඳහන්.

වෙඩි වැදුණු තුසිත හල්ඔලුවට අසාධ්යද? (UPDATE)

වෙඩි වැදුණු තුසිත හල්ඔලුවට අසාධ්යද? (UPDATE)

මෙසේ අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පිළියන්දල මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලීසිය සඳහන් කළේ ඔහු වයස අවුරුදු 62 ක දෙදරු පියක් බවයි.

අනතුර සිදුව ඇත්තේ මියගිය පුද්ගලයා හොරණ කොළඹ මාර්ගය හරහා මාරුවීමේදී බව පොලීසිය ප්‍රකාශ කරයි.

ඒ අනුව ඔහු ඉදිකරමින් පවතින ඥාති නිවසක තවත් පෙදරේරුවෙකු සමඟ ඉදිකිරීම් කටයුතුවල නිරතව සිට රාත්‍රී ආහාර ගැනීම සඳහා මෙසේ ගොස් ඇති බව පවසයි.

අනතුරින් තුවාල ලැබූ තීරෝද රථයේ රියදුරු ඥාති කාන්තාවක් සමඟ දානමය පින්කමකට සහභාගී වී නැවත නිවස කරා පැමිණෙමින් සිට ඇත.

[

දන්නෙම නැතුව ඔබත් සමලිංගිකයෙක් වෙලා කියලා දැනන් හිටිය ද?

දන්නෙම නැතුව ඔබත් සමලිංගිකයෙක් වෙලා කියලා දැනන් හිටිය ද?

]

ඒ එන අතරමඟ දී පාර මාරුවෙමින් සිටි මිය ගිය පුද්ගලයාගේ ඇඟේ ගැටී මෙම අනතුර වී ඇති බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

ReeCha