දන්නෙම නැතුව ඔබත් සමලිංගිකයෙක් වෙලා කියලා දැනන් හිටිය ද?

Sri Lanka LGBTQ World Social Media Sinhala news
By Kaushi May 17, 2025 03:42 PM GMT
Kaushi

Kaushi

Report

සමලිංගිකත්වය කියන්නේ අද වන විට ලෝකෙ වැඩියෙන් කතාවෙන මාතෘකාවක් කිව්වොත් නිවැරදියි.

නමුත් කතා කරන බොහෝ දෙනා අතුරින් ඉතාම සීමිත පිරිසක් පමණයි ඒ පිළිබඳ නිවැරදි අවබෝධයකින් පසු වන්නේ.

එවන් පසුබිමක LGBTQ ප්‍රජාව පිළිබඳ, ඔවුන්ගේ සංකේත පිළිබඳව නිවැරදි අවබෝධය නොමැති නිසා සමාජ මාධ්‍ය භාවිත කිරීමේ දී යම් යම් ගැටලු ඇති වෙන අවස්ථාත් නැතුවම නොවේ.

එවැනි අර්බුදයක් ලෙස දේදුනු සලකුණ දක්වන්න පුළුවන්. අද කුඩා දරුවන්ගේ අතේ පවා ස්මාට් ජංගම දුරකථන ඇති බැවින් ඔවුන් බොහෝ විට සමාජ මාධ්‍ය තුළ ගැවසෙනවා.

එහි දී whatsapp හෝ අනෙකුත් සමාජ මාධ්‍ය තුළ තම ගිණුම අන් අයට දර්ශනය වන විට යම් සටහනක් දැමීමත් නිරන්තරයෙන් ම සිදුවන්නක්.

මනමාලියක් වෙන්න කෙට්ටු වුණු හේෂානිගේ Bride to be පාටිය

මනමාලියක් වෙන්න කෙට්ටු වුණු හේෂානිගේ Bride to be පාටිය

නමුත් එම සටහනත් සමඟ දමන දේදුනු සලකුණ බොහෝ දෙනා යොදන්නේ එහි අර්ථය ගැන නිසි අවබෝධයකින් නම් නොවෙයි.

අද වන විට දේදුන්න සමාජයේ LGBTQ ප්‍රජාව නියෝජනය කරන සංකේතයක් ලෙස භාවිත වනවා.

ගිල්බට් බේකර් නැමති සමලිංගික කලාකරුවෙකු විසින් මෙසේ දේදුන්න තෝරා ගනු ලැබුවේ විවිධත්වය පෙන්වන සංකේතයක් හරහා ආඩම්බර ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය වූ නිසයි.

ඒ 70 දශකයේ අගභාගයේදී එක්සත් ජනපදයේ ප්‍රසිද්ධ සමලිංගික නිලධාරියෙකු වූ හාවි මිල්ක් විසින් ගිල්බට් බේකර්ගෙන් LGBTQ ප්‍රජාව සඳහා සංකේතයක් ඉදිරිපත් කරන ලෙස කළ ඉල්ලීම අනුවයි.

ඒ අනුව 1978 දී පළමු LGBTQ කොඩිය සකසනවා. මුල් LGBTQ ධජයේ උණුසුම් රෝස, ටර්කියුයිස් සහ ඉන්ඩිගෝ අඩංගු වූ අතර වර්ණ අටක් දක්නට ලැබුණා.

එහෙත් පසුව මහා පරිමාණ නිෂ්පාදන කාර්යක්ෂමතාව සපුරාලීමට, රෝස සහ ටර්කියුයිස් ඉවත් කර ඉන්ඩිගෝ යළි නිල් පැහැයෙන් ප්‍රතිස්ථාපනය කළ බවත් සඳහන්.

ඒ අනුව වර්තමානයේ LGBTQ ධජයේ වර්ණ හයක් තිබෙනවා.

බස් රථයකට ප්‍රහාරයක්, 9 දෙනෙක් ජීවිතක්ෂයට(PHOTO)

බස් රථයකට ප්‍රහාරයක්, 9 දෙනෙක් ජීවිතක්ෂයට(PHOTO)

ඒ රතු, තැඹිලි, කහ, කොළ, නිල් සහ වයලට් යන වර්ණයි. මේ ආකාරයට දේදුන්නත් සමඟ අප නොදන්න කතාවක් බැඳී තිබෙනවා.

බොහෝ දෙනා LGBTQ ප්‍රජාව නියෝජනයට වගේම ඔවුන්ට සහය දැක්වීමටත් මෙම සංකේතය භාවිත කරනවා.

නමුත් ගැටලුව වෙන්නේ ලංකාවේ දේදුනු සලකුණු භාවිත කරන සියලු දෙනා එය භාවිත කරන්නේ නිසි දැනුවත්භාව‍යකින් තොරව වීමයි.

සමාජ මාධ්‍ය තුළ යමෙක් දේදුනු සලකුණක් භාවිත කළ සැනින් ඔවුන්ව ප්‍රශ්න කරන්නේ ඒ නිසයි.

අවාසනාවට හෝ එතැන් පටන් ඔවුන්ව සමලිංගිකත්වය සමඟ සම්බන්ධ කිරීම නොවැළැක් විය හැකි කරුණක්.

නමුත් අප දැනුවත් විය යුතු දෙයක් ඇත. එනම් දේදුන්නට ආස බොහෝ දෙනෙක් මේ සමාජයෙ සිටින බව.

මංගල රාත්‍රියේ ඇඳ කඩාවැටිලා යුවල රෝහලේ

මංගල රාත්‍රියේ ඇඳ කඩාවැටිලා යුවල රෝහලේ

ඉන් බොහෝ දෙනෙක් එම සලකුණ භාවිත කරන්නේ මේ සම්බන්ධයෙන් කිසිදු අවබෝධයකින් තොරව බව.

එබැවින් එවන් පුද්ගලයෙකුට ඔබ නොසිතා කරන ප්‍රකාශය ඔබ සිතනවාට වඩා බලපෑමක් සිදු කළ හැකියි.

ඒ නිසා සැම විටම තවකෙකුට ගරු කිරීමට පුරුදු වෙන්න. ඔවුන්ගේ අයිතීන්ට මෙන්ම ඔවුන්ගේ අනාබෝධයටත්.

ReeCha