රාගම ප්‍රදේශයේ මඟ ඇද වැටී මියගොස් සිටි පුද්ගලයෙකුට කොවිඩ් බවට තහවුරු වෙයි
කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ පුද්ගලයෙකු මහ මඟ ඇද වැටී මියගොස් ඇති පුවතක් රාගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.
රාගම බටුවත්ත සුබසිංහ මාවතේ පදිංචි 62 හැවිරිදි දෙදරු පියෙක් මෙලෙස මිය ගොස් ඇති බවටයි හඳුනාගෙන ඇත්තේ. කැස්ස සහ සුලු පපුවේ අමාරුවක් නිසා රාගම පෞද්ගලික රෝහලක රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයකට මුහුණ දි ඇති මියගිය පුද්ගලයා එම පරික්ෂණයේදි කොවිඩ් පොසිටිව් පුද්ගලයෙකු බව තහවුරු වී තිබෙනවා.
ඔහු එම පරීක්ෂණ වාර්තාවත් අතැතිව රෝහලට මීටර් 20ක දුර ප්‍රමාණයක මෙසේ මහ මග ඇද වැටි මියගොස් ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර පරික්ෂණ කටයුතු වලදි අනාවරණය වී ඇති බවයි රාගම පොලිසිය පැවසුවේ.
මෙම පුද්ගලයා කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගෙන ඇති අතර දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට නියමිතව සිටි පුද්ගලයෙක් වනවා.
මිය ගිය පුද්ගලයාගේ දේහය රාගම ශික්ෂණ මහ රෝහලට ගෙන ගොස් එහිදී සිදු කරන ලද PCR පරීක්ෂණයේ දී ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ කටයුතු සිදු කළ රාගම පොලිසිය පැවසුවේ.