මාලිමා ප්‍රා.ස මන්ත්‍රීගේ නිවසට වෙඩි තිබ්බ සිද්ධියට එක් අයෙක් අත්අඩංගුවට
ජාතික ජන බලවේගයේ වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී තාරක නානායක්කාරගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව පොලීසිය පැවසුවේ අඳාළ සැකකරු 33 හැවිරිදි වියේ පසුවන්නෙක් බවයි.
එසේම වාර්තා වූ පරිදි සැකකරු මාතර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉකුත් 16 වනදා අලුයම 4.40ට පමණ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් මඟින් අඳාළ වෙඩි ප්‍රහාරය එල්ල කර පළා ගොස් ඇත.

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු
එසේම ඒ වන විට අදාළ මන්ත්‍රීවරයාට මරණ තර්ජන ඇති බව කියමින් නිවසට පොලිස් ආරක්ෂව ද යොදවා තිබී ඇත.
කෙසේ වෙතත් අඳාළ වෙඩි ප්‍රහාරය නිවසේ ගේට්ටුවට එල්ල වී තිබූ අතර කිසිවකුටත් තුවාල සිදුව තිබුණේ ද නැත.