පිපිරීමකින් පුද්ගලයෙක් මරුට

blast Ajith Rohana Ampara Samanthurei Malwaththa
By Sewvandhi Jun 12, 2021 01:47 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අම්පාර, සමන්තුරෙයි, මල්වත්ත ප්‍රදේශයේදී ඊයේ (11) සිදුවූ පිපිරීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

මොවුන් දෙදෙනා නීති විරෝධී මත්පැන් පෙරමින් සිටින අතර තුර බැරලයක් පිපිරී ගොස් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මල්වත්ත ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහුගේ මෘත ශරීරය මේ වන විට සමන්තුරෙයි රෝහලේ තැන්පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now