මෙරටින් හමු වූ පළමු "ඔමික්‍රෝන්" රෝගියා ගැන හෙළිවූ අලුත්ම දේ මෙන්න.

Sri Lanka Chandima jeewandara Omicron Nijeeria
By Aruna Dec 03, 2021 09:17 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වී ශ්‍රී ලංකාවෙන් හමුවූ පුද්ගලයා කිසිදු කොවිඩ් මර්ධන එන්නතක් ලබා නොගත් අයෙකු බවට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්යය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

මොහු නයිජීරියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයකු බව වාර්තා වනවා.

මේ අතර ඔමික්‍රොන් ආසාදිතයෙකු හඳුනා ගැනුන ද ජනතාව අනිසි බියක් ඇති කර ගත යුතු නැතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් කොළඹදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.

ඊට එක්වෙමින් අදහස් දැක් වූ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ, කියා සිටියේ ඔහුගේ ආශ්‍රිතයින් නිරෝධානයට ලක් කර ඇති බවයි.

මේ අතර දකුණු අප්‍රිකාවෙන් මුල්වරට සොයාගැනුණු ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය නැවත ආසාදනය වීමේ හැකියාව ඩෙල්ටා හෝ බීටා ප්‍රභේදවලට සාපේක්ෂ ව තුන් ගුණයක් ඉහළ බව අනාවරණ වී තිබෙනවා.

දකුණු අප්‍රිකානු විද්‍යාඥයින් පිරිසක් මේ බව ප්‍රකාශ කළේ, එරට කොරෝනා වෛරස් දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුවයි.

මෙය, ඔමික්‍රොන් ප්‍රභේදය, කොරෝනා ආසාදනය වූ පුද්ගලයෙකු ලබන ප්‍රතිශක්තිය මගහරින බවට ලද පළමු වසංගත රෝග විද්‍යා සාක්ෂිය ලෙස සැලකෙනවා.

ඔමික්‍රෝන් ප්‍රභේදය මේ වනවිට ලොව රටවල් 30කට පමණ ව්‍යාප්ත වී ඇති අතර, ඕස්ටේ්‍රලියාවේ සිඩ්නි නුවරින් අද ප්‍රථම ඔමික්‍රොන් කොරෝනා ආසාදිතයා හඳුනා ගෙන තිබෙනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now