රටේම මිනිස්සු කලබල කරපු මහා භාණ්ඩාගාරේ මුදල් ඕමානයේ? හැකර්වරුන් පැහැරගත් අ.ඩො.මි 6.6ක් හමුවෙයි
සයිබර් අපරාධකරුවන් ආසියානු රටකින් පැහැර ගෙන ඇති බවට සැක කෙරෙන ඩොලර් මිලියන 6.6ක මුදලක් ඕමාන රාජකීය පොලීසිය විසින් සොයාගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වෙන ටයිම්ස් ඔෆ් ඕමාන් වාර්තා කර ඇත.
ඒ අනුව අදාළ මුදල් ඕමානයේ බැංකුවකින් දේශීය මුදල් බවට මාරුකිරීමට උත්සාහ කිරීමේ දී රාජකීය ඕමාන පොලීසිය විසින් වළක්වා ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබෙනවා.
මෙම මෙහෙයුම ජාත්‍යන්තර පොලීසියේ සහාය ඇතිව රාජකීය ඕමාන පොලීසිය විසින් දියත් කර ඇති බව වාර්තා වේ.
ලක්‍ෂ 12කට Vitz කාර්? මන්ත්‍රීලා 159 ට දෙන වාහන බලපත්‍රය ගත්තා නම් එකකින් විතරක් රුපියල් කෝටි 7ක් හොයන්න තිබ්බා - හේවගේ
එමෙන්ම සයිබර් අපරාධකරුවන් විසින් පැහැරගත් අදාළ මුදල අයත් ආසියානු රට කුමක් ද යන්න මෙතෙක් හෙළි වී නොමැති බව සඳහන්.
මෙරට මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් සහ තැපැල් දෙපාර්තමේන්තුවෙන් ඩොලර් 625,000ක් පැහැර ගැනීමේ සිදුවීමක් ඉකුත් දා වාර්තා වූ අතර මෙම ඕමානයෙන් හමුවූ බව කියන මුදල් අතර ශ්‍රී ලංකාවෙන් අස්ථානගත වූ මුදල් ඇත්ද යන්න සම්බන්ධයෙන් මේ වන විට වැඩි අවධානයක් යොමුව ඇත.
කෙසේ වුවද ශ්‍රී ලංකාවෙන් හැර එවන් මුදල් අස්ථානගත වීමේ සිදුවීමක්, මෑතකදී වෙනත් ආසියානු රටකින් වාර්තා වී නොමැති බව සඳහන්.