සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් ගාන අඩු වෙයි? - අඩු වෙන, ඉතිරි විෂයන් සඳහා කරන්න යන්නේ මේ දෙයයි..
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

ඒ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දැනට පවතින විෂයන් සංඛ්‍යාව විෂයන් 07ක් දක්වා අඩුකරන බවයි.
ඒ අනුව ඉතිරි විෂයන් සඳහා ප්‍රාදේශීය වශයෙන් සිසුන්ට ලබාදිය හැකි කර්මාන්ත හා පාරිසරික දැනුම ඇසුරින් ඇගැයීමකට ලක්කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
කිසිදු දරුවෙක් සාමාන්‍ය පෙළ අසමත් නොවන අයුරින් සහ උසස් පෙළ ශ්‍රේණිවල දී තමන්ට අභිමත සහ කුසලතා දක්වන විෂය ක්ෂේත්‍ර ඔස්සේ වෘත්තීය පුහුණුව ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට ද පියවර ගන්නා බව අමාත්‍යවරයා පෙන්වා දුන්නෙ ය.
ඒ මහතා මේ බව කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ය.