සාමාන්‍ය පෙළ විභාගයත් කල් යයි?. - විෂයභාර අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්.
Ministry of Education
A D Susil Premajayantha
Sri Lanka
G.C.E. (O/L) Examination
Education
By krishani
සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම මාස එක හමාරකින් පමණ කල් යා හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ ය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (22) හෝමාගම - පිටිපන ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ය.
අමාත්‍යවරයා පෙරේදා පාර්ලිමේන්තුවේ දී පැවසුවේ නොවැම්බර් මාසයේ ආරම්භ වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය කල් දමන බවයි.
ඒ අනුව විභාගය පවත්වන නව දිනය ඉදිරි සතියේ දී විභාග කොමසාරිස්වරයා විසින් නිවේදනය කරනු ඇති බව ඔහු එහිදී සඳහන් කළේ ය.