මානව හිමිකම් කොමිසමට ගිය උසස් පෙළ සිසුන් - උසස් පෙළ විභාගයට මොකද වුනේ?. ඒ ගැන සම්පූර්ණ තොරතුර..

Report

අද(21) මානව හිමිකම් කොමිසන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරිම සඳහා මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට අපේක්ෂිත සිසුන් පිරිසක් ගොස් තිබෙනවා.

ඒ ලබන වසරේ පෙබරවාරී මාසය දක්වා උසස් පෙළ විභාගය කල් දමා තම අධ්‍යන කටයුතු සිදු කිරීමට සාධාරණ කාලයක් ලබා දෙන ලෙස ඉල්ලමින් ය.

මේ අතර අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී  අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමරත්න සඳහන් කළේ නොවැම්බර් 27 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය කල් දමන බවයි.

ඒ අනුව සංශෝධිත දිනය ලබන සතියේ දී විභාග කොමසාරිස්වරයා, ප්‍රකාශයට පත් කරනු ඇති බව අමාත්‍යවරයා එහි දී කියා සිටියේ ය.