O/L, A/L හා ශිෂ්‍යත්ව විහාග පැවැත්වීමට දින නියම වෙයි..පාසල් විෂය ධාරාවටත් නවතම විෂයක් එක් කරයි..
ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව විසඳීම සඳහා අයවැය ලේඛනයෙන් වෙන් කළ මුදලට අමතරව, අතිරේක රුපියල් මිලියන 31ක් වෙන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අධ්‍යාපන කටයුතු පිළිබඳ අධ්‍යාපන උපදේශන කාරක සභාවේදීයි. එහි දී අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ලබන වසරේ ජනවාරි මස 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයත්, පෙබරවාරි මාසයේ උසස් පෙළ විභාගයත්, මැයි 23 වැනි දා සිට සාමාන්‍ය පෙළ විභාගයත් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි.
මේ අතර, ශ්‍රී ලංකාවේ නීතිය විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු අනුකාරක සභාව විසින් පත් කළ තාක්ෂණික කමිටු වාර්තාව ද කාරක සභාවේ අනුමැතියට ඉදිරිපත් කරනු ලැබූවා.
එමඟින් යෝජනා කර ඇත්තේ, දැනට අනිවාර්ය විෂයක්ව පවතින පුරවැසි අධ්‍යාපන විෂය මෙම ප්‍රතිසංස්කරණවලින් පසු ව නීතිය හා පුරවැසි අධ්‍යාපනය ලෙස වෙනස් කිරීමටයි.
---------------------------------------------------
YOU MAY LIKE THIS VIDEO..
ජනපති ගෝඨාභය ගෙන් අනතුරු ඇඟවීමක්.-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
