තෙල් මිල අඩු කරනවා - විදුලිබල ඇමති කියයි

Latest Headlines Sinhala news SriLanka News - Gagana
By Hashini Jun 30, 2025 01:43 AM GMT
Hashini

Hashini

Report

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ප්‍රකාශ කළේ ඉදිරි කාලයේදී තෙල් මිල ශත 50කින් හෝ අඩු වීමට ඉඩ ඇති බවයි.

කෙසේ වෙතත්, නුදුරේදීම මැතිවරණයක් පැවැත්වීමේ කිසිදු අදහසක් නොමැති බවද අමාත්‍යවරයා අවධාරණය කළේ.

“පුනරුද යුගයේ ඉංජිනේරු වෘත්තිකයන්ගේ කාර්යභාරය” මැයෙන් ජාතික විද්වත් සංවිධානය විසින් සංවිධානය කරන ලද රත්නපුර දිස්ත්‍රික් ඉංජිනේරු වෘත්තිකයන්ගේ හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

පසුගිය දිනවල ජනතාව තෙල් මිල ඉහළ යනු ඇතැයි යන අපේක්ෂාවෙන් අනවශ්‍ය ලෙස තෙල් ගබඩා කරගෙන ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

එහෙත් එවැනි ක්‍රියාවන්ගෙන් කිසිදු ඵලක් නොවන බවත්, තෙල් මිල අනිවාර්යයෙන්ම පහත වැටෙනු ඇති බවත් ඔහු අවධාරණය කරනු ලැබුවා.

අමාත්‍ය ජයකොඩි මහතා සඳහන් කළේ තෙල් මිල කොපමණකින් අඩුවනු ඇත්දැයි නිශ්චිතවම කිව නොහැකි වුවද, අඩුවීමක් සිදුවන බවට සහතික විය හැකි බවයි. 

විදුලිබල මණ්ඩලයෙන් වැදගත් දැනුම්දීමක්

විදුලිබල මණ්ඩලයෙන් වැදගත් දැනුම්දීමක්

 

ReeCha