හදිසියේම තෙල් මිල යලි ඉහළට - ට්‍රම්ප් බෝම්බ හෙළන බව පවසා ලොවම අවුලයි
අද (18) දින ඕමානයට බෝම්බ හෙළන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ තර්ජනයත් සමග ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් ඇත.
මෙම මිල ඉහළ යාමත් සමඟ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90 ඉක්මවා ගොස්, එය 91.24ක් ලෙස සටහන්වී ඇත.
මීට අමතරව මර්බන් වර්ගයේ බොරතෙල් ඩොලර් 97.70ක් ලෙසත්, WTI බොරතෙල් ඩොලර් 85ක් ලෙසත් ඉහළගොස් ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉරානය සමඟ පවතින රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවලට බාධා පමුණුවන්නේ නම්, අමෙරිකාවේ සමීපතම මිත්‍ර රටක් වන ඕමානයට බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇති බවයි.
විදෙස් නාලිකාව සමඟ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම මතභේදාත්මක ප්‍රකාශය සිදු කර ඇති අතර "ඕමානය අපේ ගමනට හරස් වුවහොත්, අපි ඔවුන්ට දැඩි ලෙස බෝම්බ ප්‍රහාර එල්ල කරනවා," යනුවෙන් ඔහු පවසා ඇත.