ඉන්ධන මිල යලි ඉහල යයි?..නව මුදල් ඇමති කියූ දේ මෙන්න.

Sri Lanka Oil prices Ali sabri
By Aruna Apr 10, 2022 06:21 AM GMT
Aruna

Aruna

Report

ඉන්ධන මිල හා බදු ප්‍රතිශත ඉදිරි මාස හයක කාලසීමාවේ ඉහළ දැමීමට සිදු වනු ඇති බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කරනවා.

රොයිටර් පුවත් සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කරන්නේ, ආසියානු සංවර්ධන බැංකුව ලෝක බැංකුව චීනය ඇමරිකාව බ්‍රිතාන්‍ය සහ මැදපෙරදිග රටවල් වලින්ද සහය ඉල්ලීමට සූදානමින් සිටින බවයි.

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමටත් ගෙවීමට ඇති ණය සඳහා සහන කාලයක් ඉල්ලුම් කිරීමටත් ශ්‍රී ලංකාව සැරසෙන බවත් හෙතෙම පැවසීය.

එමෙන්ම ජූලි මාසයේදී ගෙවීමට ඇති ඩොලර් බිලියනයක බැඳුම්කරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අදහස් කරන බව ඔහු කියා සිටියි.

ඉදිරි සති පහකට අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීමට ඉන්දියාවෙන් තවත් ඩොලර් මිලියන පන්සීයක ණය පහසුකමක් ඉලලුම් කිරීමටත් සැලසුම් කර ඇති බව ද හෙතෙම තවදුරටත් පවසා තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now