බෙංගාල බොක්කේ බහුදින ධීවර යාත්‍රාවලට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි රතු නිවේදනයක්

Report

බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ

.උතුරු ආන්ද්‍ර ප්‍රදේශයේ වෙරළට ඔබ්බෙන් පැවති ගැඹුරු පීඩන අවපාතය සෙමින් බටහිර-වයඹ දෙසට ගමන් කරමින් ඊයේ (23) කාලිංගපට්ටනම් (Kalingapatnam) ආසන්නයෙන් වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වී ඇත.

අනතුරුව එය තවදුරටත් බටහිර-වයඹ දෙසට ගමන් කර ඇති අතර, අද (24) පෙරවරු 5.30 වන විට උතුරු ආන්ද්‍ර ප්‍රදේශයේ වෙරළබඩ ප්‍රදේශය ආශ්‍රිතව, උතුරු අක්ෂාංශ 18.3° සහ නැගෙනහිර දේශාංශ 83.7° ආසන්නයේ කේන්ද්‍රගතව පැවති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම ස්ථානය කන්කසන්තුරේ සිට කිලෝමීටර් 1,100ක් පමණ ඊසාන දෙසින් පිහිටා ඇත. මේ අතර, සිතියමේ ‘Warning’ කාණ්ඩය යටතේ දක්වා ඇති මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත තද වැසි ඇතිවිය හැකි අතර, සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 70 දක්වා ඉහළ යා හැකිය.

පීඩන අවපාතයේ බලපෑමෙන් ලංකාවට වැසි සහ සුළං තත්ත්වයක්- පළාත් 4කට සහ දිස්ත්‍රික්ක දෙකකට මි.මී. 100 පැන්නූ මහ වැසි

පීඩන අවපාතයේ බලපෑමෙන් ලංකාවට වැසි සහ සුළං තත්ත්වයක්- පළාත් 4කට සහ දිස්ත්‍රික්ක දෙකකට මි.මී. 100 පැන්නූ මහ වැසි

එම හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවට අනතුරු අඟවා තිබේ. ‘Advisory’ කාණ්ඩය යටතේ දක්වා ඇති මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 55-65 දක්වා ඉහළ යා හැකි අතර, එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බව දැනුම් දී ඇත.

ඒ අනුව, උතුරු අක්ෂාංශ 10°N ත් 22°N ත් අතර සහ නැගෙනහිර දේශාංශ 82°E ත් 90°E ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවුක කටයුතුවලින් වළකින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදී තිබේ. එම මුහුදු ප්‍රදේශවල මේ වන විටත් ධීවර කටයුතුවල නිරතව සිටින යාත්‍රා ඇත්නම්, හැකි ඉක්මනින් එම ප්‍රදේශවලින් ඉවත්වන ලෙසද දැනුම් දී ඇත.

GalleryGallery