අපයෝජන වළක්වන්න හැදු ළමා ආරක්ෂක කමිටුවට පාසලෙන් බාදා..
ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් කැප වී ක්‍රියා කරන රාජ්‍ය යාන්ත්‍රණයේ ප්‍රාදේශීය නිලධාහු චෝදනා කරති.
දරු දැරියන්ගේ අනන්‍යතාව ආරක්ෂා වන පරිදි දරුවන් මුහුණපාන සිදුවීම් සම්බන්ධයෙන් සන්නිවේදන යාන්ත්‍රණයක් සැකසීම මඟින් පාසල්වල සිදුවීම් අනාවරණය වීමට ඇති ඉඩ් සැකැසීම් මෙසේ සහාය නොලැබීමට හේතුවක් වී ඇතැයි ඔවුහු පවසති.
මීට අමිතරව ළමා ආරක්ෂණ යාන්ත්‍රණ නඩත්තු කිරී අතිරේක කරදරයක් හැටියට ඇතැම් විදුහල්පතිවරුන් සැලකීමත් ඊට හේතු වී ඇතැයි ඔවුහු කියති.
මේ නිසා දිවයින පුරා ස්ථාපිත කළ බොහෝ පාසල් ළමා ආරක්ෂණ කමිටු දැනටමත් අක්‍රිය වී ඇතැයිද යම් පමණකින් හෝ ක්‍රියාත්මක වන කමිටු පවා නිර්දේශිත ක්‍රමවේද මත පිහිටා නැතැයිද පාසල් අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
'පාසල් ළමා ආරක්ෂක කමිටු : සුරැකුම් පව්ව' මංයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා 2011 මැයි 10 දාතමයෙන් යුතුව මීට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබුණු අතර එමඟින් සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ සිට විදුහල්පතිවරුන් දක්වා ආමන්ත්‍රණය කර කමිටු පිහිටුවීමේ නිර්දේශිත ක්‍රමවේදයද අවධාරණය කර තිබිණි.
මෙම චක්‍රලේඛය නිකුත් කර පසුගිය 10 වැනිදාට වසර 14ක් ගතව ඇතත් පාසල් ළමා ආරක්ෂක කමිටු ප්‍රගතියක් අත්කරගෙන නැති බව අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පිරිස්ම පෙන්වා දෙති.
පසුගියදා සිසුවියක සිය දිවි නසා ගැනීමට මූලික සිදුවීම වු බව කියන බම්බලපිටිය රාමනාදන් හින්දු විදුහලේද මෙම ළමා ආරක්ෂණ කමිටුව ස්ථාපිත කර තිබී නැත. මේ ගැන කළ විමසීමේදී එම විදුහලේ ගුරුවරයකු පැවැසුවේ පාසලේ විනය කටුව මඟින් ළමයින් පිළිබඳ සොයාබලන බවයි.
සිසුන්ගේ දෛනික සක්‍රිය කාල සීමාවෙන් හරි අඩක්ම පාසලක ගත කරන බැවින් ළමයාගේ සංවර්ධනය විෂයෙහි පාසලට ඇත්තේ ප්‍රබල වගකීමක් බව දක්වමින් ළමා ආරක්ෂණ කමිටු පිහිටුවීමේ චක්‍රලේඛය නිකුත් කර තිබුණේ පාසල් ගේට්ටුවෙන් පාසලට ඇතුළු වන දරුවාගේ භාරය හා ආරක්ෂාව විදුහල්පති හා ආචාර්ය මණ්ඩලය සේම සහායක කාර්ය මණ්ඩලය විසින් දරනු ලබන රාජකාරීමය වගකීමක් බව අවධාරණය කරමිනි.
පාසල්වල සිසුන් සංඛ්‍යාව අනුව 10 දෙනාගේ සිට 40 දක්වා වැඩි වන අයුර්න් මෙම කමිටු පිහිටුවීමට නියම කර ඇත. ඊට අනුව ළමයින් 2000 අඩු පාසල්වල ශිෂ්‍ය, ගුරු හා මවුපිය නියෝජනය පිළිවෙළින් 6:2:2 වශයෙන් 10 කි. ළමයින් 200ත් 500ත් අතර පාසල්වලදී එය 14:3:3 වශයෙන් ද ළමයින් 500ත් 1000ත් අතර පාසල්වලදී 22:4:4 වශයෙන් ඉහළ යයි. ළමයින් 10000 වැඩි පාසල්වල කටුව 30:5:5 යන ශිෂ්‍ය, ගුරු හා මවුපිය අනුපාතයෙන් 40 දෙනෙකි.
ළමා අපයෝජන වැළැක්වීම සඳහා පාසල් ළමා ආරක්ෂක කමිටු 3,165ක් පිහිටුවා තිබුණද ක්‍රියාකාරී තත්ත්වයේ පවතින්නේ කමිටු 2392ක් පමණක් බව 2021.02.12 වැනිදා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව ද ප්‍රකාශ කර තිබිණි.
කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය ඇමැති වෛද්‍ය නාමල් සුදර්ශන මහතාගෙන් අප කළ විමසීමේදී ඔහු පැවැසුවේ පාසල් ළමා ආරක්ෂක කමිටු ස්ථාපිත කිරීමේ පූර්ණ වගකීම ඇත්තේ විදුහල්පතිවරුන්ට බවය.
නියෝජ්‍ය ඇමැති වෛද්‍ය නාමල් සුදර්ශන මහතා මෙසේ ද පැවැසීය;
"පාසල් කමිටු හැදීමේ වගකීම තිබෙන්නේ විදුහල්පතිවරුන්ට. අපි එය නියාමනය කරනවා. අපේ නිලධාර්න් ඉන්නේ 50%ක් විතර. අපි ආවට පස්සේ බඳවා ගැනීම් වලට අනුමැතිය ලැබී තිබෙනවා. මේ නිලධාරී හිඟය නිසා අනෙක් වැඩ සමඟ කමිටුවලට මැදිහත්වීමේදී ගැටලුවක් තිබෙනවා. ඒක ගැන අපි කතාකරලා තිබෙනවා. අධ්‍යාපනය පැත්තේ පොඩ් ගැටලූ ටිකක් තිබෙනවා. ගුරුවරුන් ළමයින්ට පහරදෙන අවස්ථා වැනි සිදුවීම් ගැනත් අපේ නිලධාරීන්ට කරුණු වාර්තා වන නිසා විදුහල්පතිවරුන් මේ කමිටු ස්ථාපිත කරන්න මැළිකමක් තියෙනවා. ඒ අනුව පාසල් කමිටු ස්ථාපිත කිරීම අනිවාර්ය කිරීම සඳහා ඉදිරි පියවරක් ගැනීමට අවධානය යොමුකර තිබෙනවා”
