බඩි නෙට් මුට්ටිය දාලා මොඩියුලය හැදූ නිලධාරින්ගේ වැඩ තහනම්

Report

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හයවැනි ශ්‍රේණියේ ප්‍රශ්න ගත මොඩියුල් සකස් කිරීමට වගකිව යුතු ඉහළ තනතුරු දරන නිලධාරීන් දෙදෙනෙකුට වැඩ තහනම් කිරීමේ තීරණයක් ගෙන තිබෙනවා.

මෙම තීරණය අද (19) සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ හිටපු ලේකම් රංජිත් ආරියරත්න මහතාගේ මූලික විමර්ශන වාර්තාව මත පදනම්වයි. ජාතික අධ්‍යාපන ආයතනයේ විශේෂ පාලක සභා රැස්වීමක් පෙරේදා (17) පැවැත්වුණ අතර එහිදී මෙම වාර්තාව ඉදිරිපත් කර තිබුණා. එම රැස්වීමේදී පාලක සභාව විසින් වාර්තාව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

වෛද්‍ය වර්ජනය යළි ඇරඹෙයි - නැගෙනහිර රෝගීන්ට දැඩි බලපෑමක්

වෛද්‍ය වර්ජනය යළි ඇරඹෙයි - නැගෙනහිර රෝගීන්ට දැඩි බලපෑමක්

මෙම සතියේ යළිත් පාලක සභාව රැස්වීමට නියමිත අතර එහිදී වාර්තාවේ ඇතැම් කරුණු යළිත් සාකච්ඡා කිරීමට තීරණය වී තිබුණද, ඒට පෙරම වැඩ තහනම් කිරීමේ තීරණය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවයි ආරංචි මාර්ග පැවසුවේ.

විමර්ශන වාර්තාවේ සඳහන් වී ඇත්තේ මොඩියුල් සැකසීමේදී නිලධාරීන්ගේ නොසැලකිල්ල, අවිධිමත් ක්‍රියාකාරකම් හා වගකීම් විරහිත බවයි.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක්ද වහාම ආරම්භ කිරීමට නියමිතයි. එම පරීක්ෂණයෙන් පසු වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන් සැලසුම් කර ඇති බවත් අමාත්‍යාංශ ආරංචි මාර්ග මගින් වාර්තා වෙනවා.

මෙම සිද්ධිය හයවැනි ශ්‍රේණියේ නව විෂය නිර්දේශය හඳුන්වාදීමේ ක්‍රියාවලියට බලපෑම් ඇති කරන බවත්, එය සිසුන්ගේ අධ්‍යාපනයට බලපෑම් කිරීමේ අවදානමක් ඇති බවත් විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා.

මෙන්න මෙයාලට රජයෙන් ණය පැකේජ - ළගම බැංකුවෙන් ගන්න පුළුවන්

මෙන්න මෙයාලට රජයෙන් ණය පැකේජ - ළගම බැංකුවෙන් ගන්න පුළුවන්

ඔබත් මේ ලග්නේද? අද ලැබෙන ආරංචිය ජීවිතයම හරවයි!

ඔබත් මේ ලග්නේද? අද ලැබෙන ආරංචිය ජීවිතයම හරවයි!