වෛද්‍ය වර්ජනය යළි ඇරඹෙයි - නැගෙනහිර රෝගීන්ට දැඩි බලපෑමක්

Report

තෛපොංගල් උත්සවය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ නැගෙනහිර පළාතේ රජයේ රෝහල්වල වෛද්‍ය වර්ජනය අද (19) යළි ආරම්භ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව අද පෙරවරු 8.00 සිට නැගෙනහිර පළාතේ සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරු වැඩ වර්ජනයේ යෙදෙන බව සංගමය සඳහන් කළා.

සංගමය වැඩිදුරටත් පවසා ඇත්තේ, ඔවුන් ඉදිරිපත් කළ ඉල්ලීම්වලට රජයෙන් තවමත් කිසිදු ප්‍රතිචාරයක් හෝ විසඳුමක් ලැබී නොමැති බැවින් මෙම වර්ජනය නැවත ආරම්භ කිරීමට සිදුවූ බවයි.

"කිසි සේත්ම අපි තනියෙන් හිරේ යන්නේ නෑ.." - ග්‍රාම නිළධාරීන්ගේ දැඩි ප්‍රකාශය

"කිසි සේත්ම අපි තනියෙන් හිරේ යන්නේ නෑ.." - ග්‍රාම නිළධාරීන්ගේ දැඩි ප්‍රකාශය

මෙම වර්ජනය ආරම්භ වූයේ පසුගිය අඟහරුවාදා (15) සිටයි. එහි මූලික හේතුව වූයේ අක්කරෙයිපත්තුව මුලික රෝහලේ වෛද්‍ය අධිකාරීවරයාට එල්ල වී ඇති බරපතල චෝදනා සම්බන්ධයෙන් ඔහු එම තනතුරෙන් ඉවත් කර, සාධාරණ හා විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටීමයි.

තෛපොංගල් උත්සව සැමරුම් නිසා ජනවාරි 16 සිට 18 දක්වා කාලය තුළ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබුණද, රජයෙන් තවදුරටත් කිසිදු ප්‍රගතියක් නොපෙන්වූ බැවින් අද සිට නැවත වර්ජනය ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව සංගමය පැහැදිලි කළා.

මේ හේතුවෙන් නැගෙනහිර පළාතේ රෝහල්වල සාමාන්‍ය වෛද්‍ය සේවාවන්ට බාධා ඇති විය හැකි අතර, හදිසි අවශ්‍යතා සඳහා පමණක් සේවා ලබා දෙන බවද සංගමය සඳහන් කර තිබෙනවා.

ඔබත් මේ ලග්නේද? අද ලැබෙන ආරංචිය ජීවිතයම හරවයි!

ඔබත් මේ ලග්නේද? අද ලැබෙන ආරංචිය ජීවිතයම හරවයි!