මීගමුව බන්ධනාගාර ගැටුමේ වෙඩි තැබූ පොලිස් නිලධාරියාට ස්ථාන මාරුවක් - මෙන්න විස්තරේ

Report

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා සඳහන් කර ඇත්තේ මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ දරුණු ගැටුම පාලනය කිරීම සඳහා වෙඩි තැබීමක් සිදුකළ බන්ධනාගාර නිලධාරියාව පල්ලෙකැලේ බන්ධනාගාරය වෙත තාවකාලිකව ස්ථාන මාරු කර ඇති බවයි.

පසුගිය ජූලි 6 වනදා මීගමුව බන්ධනාගාරයේ රැදවියන් අතර දරුණු ගැටුමක් ඇති වූ අතර තත්ත්වය සමනය කිරීම සඳහා මෙම නිලධාරියා වෙඩි තැබීමක් සිදුකර තිබුණි.

මීගමුව ගැටුමේ සුලමුල එළියට? සුරේෂ් නම් රැඳවියා බන්ධනාගාර නිළධාරිට මරණ තර්ජන එල්ල කරලා බන්ධනාගාර භූමියේ උණ්ඩ 271ක් අහුවෙලා

මීගමුව ගැටුමේ සුලමුල එළියට? සුරේෂ් නම් රැඳවියා බන්ධනාගාර නිළධාරිට මරණ තර්ජන එල්ල කරලා බන්ධනාගාර භූමියේ උණ්ඩ 271ක් අහුවෙලා

වැඩිදුර විමර්ශනවලින් හෙළි වී ඇත්තේ ඒ සම්බන්ධයෙන් සිදුකළ මූලික වමර්ශන වලදී හෙළි වී ඇත්තේ බන්ධනාගාරය තුළ රැඳවියන් පිරිසක් විසින් බන්ධනාගාර නිලධාරීන්ට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කර ඇති බවත්, එම අවස්ථාවේදී තත්ත්වය පාලනය කිරීම සහ අදාළ නිලධාරීන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීම සඳහා අදාළ නිලධාරියා විසින් ගිනි අවිය භාවිත කර ඇති බවත්ය.

වැඩිදුරටත් මෙම වෙඩි තැබීම බන්ධනාගාර නීතිරීතිවලට අනුකූලව සිදු වූවක් ද යන්න සහ බලය ඉක්මවා යෑමක් සිදුව තිබේද යන්න සෙවීම සඳහා මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මෙම බිහිසුණු ගැටුමෙන් මේ වන විට බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.