අද ප්‍රකාශ කිරීමට නියමිත මාසික ඉන්ධන මිල සංශෝධනය ගැන බලශක්ති ඇමතිගෙන් දැනුම්දීමක් - ඩීසල් ලීටරයකට රු. 70ක සහනාධාර

Report

ඔක්තෝබර් මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය අද (30) දින රාත්‍රීයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇත.

ඒ අනුව අද (30) පැවති මාධ්‍ය හමුවකදී බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ, සාමාන්‍යයෙන් මාසයේ අවසන් දිනයේ දී ඉන්ධන මිල සංශෝධනය සිදුවනු ඇති බවයි.

එසේම මිල සංශෝධනයේ දී ඩීසල් ලීටරයක් සඳහා රු. 70ක සහනාධාරයක් ලබාදීමට රජය කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළ බව වාර්තා වේ.

අද ඉන්ධන මිල වැඩි වෙයිද? මාසික ඉන්ධන මිල සංශෝධනයට බියෙන් දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්

අද ඉන්ධන මිල වැඩි වෙයිද? මාසික ඉන්ධන මිල සංශෝධනයට බියෙන් දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්

මේ අතර ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහරින සමාගම් තමන්ට සිදුව ඇති පාඩුව පිළිබඳව දැනුම් දී තිබෙන බව පැවසු ඔහු, ඇතැම් සමාගම් ඩීසල් සඳහා රු 120ක්, රු 135ක්, රු 192න් හා රු 247ක් ආදී වශයෙන් පාඩු ලබන බව සඳහන් කර ඇති බව ද කියා ඇත.

එමෙන්ම ඉන්ධන සහනාධාරය ලබාදීම තුළ ඛනිජ තෙල් සංස්ථාව විශාල බරක් දරාගන්නා බවත්, සංස්ථාවට වසර අවසානයේ දී පාඩුවක් නොවීමට වැඩකරන බවද පැවසූ අමාත්‍යවරයා ඩීසල් සඳහා ලබාදෙන සහනාධාරය පෙට්‍රල් සඳහා ලබානොදෙන බවද ප්‍රකාශ කර ඇත.

ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ ටැංකි රථ හිමියන් සේවයෙන් ඉවතට? ත්‍රිරෝද රථයකින් ලැබෙන ආදායමවත් ඉන්ධන බවුසරයෙන් ලැබෙන්නේ නෑ

ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ ටැංකි රථ හිමියන් සේවයෙන් ඉවතට? ත්‍රිරෝද රථයකින් ලැබෙන ආදායමවත් ඉන්ධන බවුසරයෙන් ලැබෙන්නේ නෑ

අඩුයි කිව්වට මෙච්චර අඩුයි කියලා කවුද හිතුවේ - අද පොරකකා ගන්න එන රන් මිල ගණන්

අඩුයි කිව්වට මෙච්චර අඩුයි කියලා කවුද හිතුවේ - අද පොරකකා ගන්න එන රන් මිල ගණන්