අද ඉන්ධන මිල වැඩි වෙයිද? මාසික ඉන්ධන මිල සංශෝධනයට බියෙන් දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්

Report

මාසික ඉන්ධන මිල සංශෝධනය නිසා ඉන්ධන මිල ඉහළ යනු ඇති බවට පැතිර යන ආරංචිත් සමඟ දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල ඩීසල් ලබාගැනීම සඳහා පෝලිම් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

එසේම පාරිභෝගිකයන් චෝදනා කරන්නේ මිල සංශෝධනයෙන් පසුව වැඩි ලාභයක් ඉපැයීමේ අරමුණින් ඇතැම් ඉන්ධන පිරවුම්හල් මඟින් ඉන්ධන නිකුත් කිරීම හිතාමතාම මන්දගාමී කර ඇති බවටයි.

කෙසේ වුවද රට තුළ ඉන්ධන ආනයනයේ කිසිදු ගැටලුවක් නොමැති බැවින් මෙසේ පෝලිම් ඇති කර ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දෙයි.

අඩුයි කිව්වට මෙච්චර අඩුයි කියලා කවුද හිතුවේ - අද පොරකකා ගන්න එන රන් මිල ගණන්

අඩුයි කිව්වට මෙච්චර අඩුයි කියලා කවුද හිතුවේ - අද පොරකකා ගන්න එන රන් මිල ගණන්

ඒ අනුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කර තිබුණේ, භාණ්ඩාගාරය මඟින් මෙවර වෙන් කර ඇති ඉන්ධන සහනාධාරය හිමිවන්නේ ඩීසල් සඳහා පමණක් බවත්, පෙට්‍රල් සඳහා එම සහනය හිමි නොවන බවත්ය.

එමෙන්ම මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා පීඩාවට පත්ව සිටින ශ්‍රී ලංකාවේ ජනතාවට සහන සැලසීම සඳහා, ඔටෝ ඩීසල් සහ කාර්මික ඩීසල් සඳහා විකුණුම් මිල මත රුපියල් කෝටි 4,100ක (රුපියල් බිලියන 41ක) සහනයක් ලබා දීමට රජය තීරණය කර තිබෙන බවත් සඳහන් කළා.

ඒ අනුව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අදාළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර අඳාළ සහන මුදල් වෙන් කිරීම මාසික සීමාවන්ට යටත්ව සිදු කරයි.

ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ ටැංකි රථ හිමියන් සේවයෙන් ඉවතට? ත්‍රිරෝද රථයකින් ලැබෙන ආදායමවත් ඉන්ධන බවුසරයෙන් ලැබෙන්නේ නෑ

ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ ටැංකි රථ හිමියන් සේවයෙන් ඉවතට? ත්‍රිරෝද රථයකින් ලැබෙන ආදායමවත් ඉන්ධන බවුසරයෙන් ලැබෙන්නේ නෑ

මේ අතර ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ඉකුත් මාස කිහිපයේ ගණනය කිරීම් අනුව දේශීය වෙළෙඳපොළේද තෙල් මිල ඉහළ දැමිය යුතුව තිබුණද, ඉන් වැඩි කොටසක් රජය දරාගනිමින් පාලනය කිරීමට පියවර ගත් බව සඳහන් කළ අමාත්‍යවරයා ඒ අනුව ගතවූ මාස හය තුළදී පමණක් ඉන්ධන සහනාධාරය වෙනුවෙන් මහා භාණ්ඩාගාරය රුපියල් බිලියන 100කට ආසන්න මුදලක් වැය කර ඇති බව පැවසුවා.

ඊට අමතරව ඉන්ධන සඳහා රජය අය කරන බදු මුදල අඩු නොකරන්නේ මන්දැයි මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ, සහනාධාරයක් ලෙස ලබා දෙන්නේද භාණ්ඩාගාරයට බදු වශයෙන් එකතු වන මුදලින් කොටසක් බවයි.

තවද ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉන්ධන මඟින් උපයා ගන්නා ආදායම් රටේ ණය පියවීම සඳහාද යොදවන බැවින් ණය ගෙවමින් මෙවැනි සහන ලබා දීමට රජය උපරිමයෙන් කටයුතු කරමින් සිටින බවයි.

මේ ලග්න හිමියන් අද අතිශයින්ම ප්‍රවේශම් වන්න - මුදල් ණයට දීම, ණයට ගැනීම හෝ ඇපයට අත්සන් කිරීම කරන්න හිතන්නවත් එපා

මේ ලග්න හිමියන් අද අතිශයින්ම ප්‍රවේශම් වන්න - මුදල් ණයට දීම, ණයට ගැනීම හෝ ඇපයට අත්සන් කිරීම කරන්න හිතන්නවත් එපා