ජාතික හැදුනුම්පතක් ඇති නැති ඔබ හැමෝම දැනගත යුතු කරුණු රැසක් මෙන්න.. ජාතික හැදුනුම්පතක් ලබා ගැනිම සරලව මුල සිට...

Sri Lanka Government Of Sri Lanka
By Subodha Jul 06, 2022 05:22 AM GMT
Subodha

Subodha

Report

රටක පුරවැසියෙකු බව තහවුරු කිරීම සඳහා භාවිත වන ක්‍රමයක් ලෙස ජාතික හැඳුනුම්පත හැදින්විය හැකියි.

ශ්‍රී ලංකාව තුළද තම පුරවැසියන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා භාවිතා කරන ලේඛනය වන්නේ ජාතික හැඳුනුම්පතයි.

මෙම හැඳුනුම්පත ලබා ගැනීම සඳහා නියමිත ක්‍රමවේදයක් පවතින අතර එයට බාහිරව පිළිගත් හැඳුනුම්පතක් ලබා ගැනීමට නොහැකි වෙනවා.

ඒ නිසා එම ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමේ ක්‍රියාවලිය නිවැරදිව හඳුනාගෙන සිටීම වැදගත් වෙනවා. 

මුල්වරට හැඳුනුම්පතක් ලබාගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම්

  • ශ්‍රී ලංකාවේ පදිංචි පුරවැසියෙකු විය යුතුය.
  • වයස අවුරුදු 16 සම්පූර්ණ විය යුතුය.

අයදුම්පතක් ලබා ගත හැකි ස්ථාන

  • අයදුම්කරු පදිංචි වසමේ ග්‍රාම නිලධා‍රී
  • වතු පදිංචිකරුවන් අදාළ වතු අධිකාරී
  • පාසල් අයදුම්කරුවන් අදාළ පාසලේ විදුහල්පතිවරයා හෝ පරිවේණාධිපති

ඒ අනුව තමා ලබාගත් අයදුම්පත සම්පූර්ණ කර අවශ්‍ය ලිපි ලේඛන සමග අයදුම්පත ලබාගත් ඉහත සඳහන් නිලධාරින් වෙතට භාරදිය යුතු වේ. 

මුල්වරට හැඳුනුම්පතක් ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන.

  • නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත   

 ‌            අයදුම්පත මෙන්න

  • අයදුම්කරු වයස අවු. 50 ට අඩුනම් අනිවාර්යයෙන්ම උප්පැන්න සහතිකය හෝ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් නිකුත් කරන අනුමාන වයස් සහතිකය 

                     අනුමාන වයස් සහතිකයක් ඉදිරිපත් කරන අයදුම්කරුවකු සඳහා උපන්දිනය වශයෙන් සලකනු ලබන්නේ අනුමාන වයස් සහතිකයෙහි සඳහන් වර්ෂයෙහි ජුලි මස පළමු දිනයයි.

  • අයදුම්කරුගේ වයස අවු. 50 ට වැඩිනම් ද, උප්පැන්න සහතිකය ‍හෝ අනුමාන වයස් සහතිකය නොමැතිනම් පමණක් ලේඛන සෙවීමේ හිස් ප්‍රතිඵල සටහන හා උපන්දිනය තහවුරු කරන දිවුරුම් ප්‍රකාශයක් සමග පහත දැක්වෙන විකල්ප ලේඛන දෙකක්‍ හෝ වැඩි ප්‍රමාණයක්ඉදිරිපත් කළ යුතුය

                   පාසල් හැරයාමේ සහතිකය.

                   බෞතිස්ම සහතිකය.

                   අයදුම්කරුගේ/අයදුම්කාරියගේ උපන්දිනය සඳහන්ව ඇති දරුවන්ගේ උප්පැන්න සහතික පිටපත්

                   උප්පැන්න සහතිකයේ උපු‍ටාගත් කොටස

                   ශ්‍රී ලංකාවේ පුරවැසි සහතිකය (උපන්දිනය ඇතුළත්ව තිබේනම්)

                   වතු හැරයාමේ සහතිකය (උපන් දිනය ඇතුළත්ව තිබේනම්)

                    ගමන් බලපත්‍රයේ අදාළ පිටුවල සහතික කළ පිටපත්

                    වතු අධිකාරී විසින් නිකුත් කරන ලද ලියාපදිංචි කාඩ්පත

                    ජන්ම පත්‍රය (හඳහන) 

  • විදේශයක උපත ලද්දකු නම් ශ්‍රී ලංකාවේ පුරවැසි බව ලබා ගත් ආගමන විගමන දෙපාර්ත‍මේන්තුව මගින් නිකුත් කළ පුරවැසි සහතිකය සහ එහි ඡායා පිටපත.
  • අයදුම්කරු විවාහක කාන්තාවක් වන විට ස්වාමිපුරුෂයාගේ නම ලබාගැනීමට අදහස් කරන්නේ නම් ඒ සඳහා විවාහ සහතිකයේ මුල් පිටපත හා එහි ඡායා පිටපත.
  • 1 ⅜” X ⅞” ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 5 ක්
  • අදාල මුද්දර ගාස්තු
  • තම රැකියාව හැඳුනුම්පතේ සඳහන් කිරීම අවශ්‍ය වන්නේ නම් ඊට අදාළ සේවා සහතිකය ද (මාස 03 ක් ඇතුළත ලබා ගත්), වෘත්තීයමය සුදුසුකම් ලත් අය එම සුදුසුකම් සනාථ කිරීමට අදාළ සහතිකය ද ඉදිරිපත් කළ යුතුය.

                 උදා: වෛද්‍ය , ගණකාධිකාරි , නීතීඥ , ඉංජිනේරු වැනි වෘත්තීය සුදුසුකම් සඳහා උපාධි සහතිකය ඉදිරිපත් කළ යුතුය. 

  • පූජ්‍යත්වය සනාථ කිරීම සඳහා අවශ්‍ය ලේඛණ

                බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් නම් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවෙන් ලබාගත් සාමණේර සහතිකය හෝ උපසම්පදා සහතිකය

                දසසිල් මාතාවක් නම් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවීමේ සහතිකය

                ඉස්ලාම් පූජකවරුන් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබාගත් සහතිකය

                හින්දු පූජකවරුන් හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබාගත් සහතිකය

                කතෝලික පූජකවරුන් අදාළ පැවිදි නිකායේ ප්‍රධානීන් වෙතින් ලබාගත් සහතිකය

ආදිය අවශ්‍ය වේ.

වැඩි විස්තර දැන ගන්න. 

  • ආයතනයේ තොරතුරු

                          පුද්ගලයන් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව

                         10වන මහල,

                         "සුහුරුපාය"

                         ශ්‍රී සුභුතිපුර පාර,

                         බත්තරමුල්ල.


ටී.ඩී. කොරලේගෙදර

දුරකථන:+94-11-5226100

ෆැක්ස් අංක:+94-11-2862290

විද්‍යුත් තැපෑල:info@drp.gov.lk

වෙබ් අඩවිය: www.drp.gov.lk


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
Join now