දකුණට විදුලිය දෙන්න ගිහින් තේ වත්තක් හරහට හිටලා.
දකුණු පළාතටම ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන සම්ප්‍රේෂණ යාන්ත්‍රණයෙන් විදුලිය දීමට නොහැකි වීමේ ගැටලුව විසදීම සඳහා රජය විසින් කමිටුවක් පත් කර තිබෙනවා.
ඒ පෞද්ගලික තේ වත්තක් උඩින් විදුලි රැහැන් අදින්නට සිදුවීමේ අර්බුදයක් හේතුවෙන්.
ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන සම්ප්‍රේෂණ යාන්ත්‍රණයට දකුණු පළාතද සම්බන්ධ කිරීම සඳහා පොල්පිටිය සිට හම්බන්තොට දක්වා කිලෝවොට් 220 ක ධාරිතාවයක් ගෙන යා හැකි විදුලි රැහැන් ඇදීමට යෝජිත වී තිබෙනවා.
ආසියා සංවර්ධන බැංකුවේ ණය ආධාර මත ක්‍රියාත්මක මෙය, ඉටු කිරීමට නොහැකිව ඇත්තේ පෞද්ගලික තේ වත්තක් මැදින් මීටර් 600 ක දුරක් සම්ප්‍රේෂණ රැහැන් ඇදීමට සිදු වීමත්, ඊට වතු හිමිකරුගේ අනුමැතිය අවශ්‍ය වීමත් නිසාවෙනි.
ගැටලුව පැන නැගී ඇත්තේ හිමිකරු විසින් අදාළ ඉඩම සඳහා විශාල වන්දි මුදලක් ඉල්ලා සිටීමත්, එය වරින් වර වෙනස් කිරීමත් හේතුවෙන්.
ඒ සඳහා රජයේ තක්සේරුව අනුව රුපියල් මිලියන 1.6ක් ගෙවීමට නිර්දේශ වී ඇතත්, වතු හිමිකරු විසින් මේ වනවිට එය රුපියල් මිලියන 9.6ක් දක්වා ඉල්ලා තිබෙනවා.
එම නිසා ස්වාධීන තක්සේරුකරුවකු වෙත මෙම තක්සේරුව ලබාදීමටත්, එම කටයුතු සම්බන්ධීකරණය කොට ගැටළුව විසදීමට කමිටුවක් පත් කරන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනුව කටයුතු කිරීමටයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මහජන උපයෝගිතා කොමිසමට නියම කර ඇත.
