ලිස්සන ගගෙන් වැටී සා.පෙළ සිසුවා මරුට

Report

ඇල්පිටිය ප්‍රදේශයේ දී අද (17) පැවැත්වීමට කටයුතු කර තිබූ අවුරුදු උත්සවයක ග්‍රීස්ගස සකස්කරමින් සිටියදී ඉන් ඇදවැටී පාසල් සිදුවෙකු මියගොස් තිබේ.

වැට් බද්දෙන් නිදහස්වූ භාණ්ඩ ලිස්ට් එක මෙන්න

වැට් බද්දෙන් නිදහස්වූ භාණ්ඩ ලිස්ට් එක මෙන්න

පිටිගල, අමුගොඩ සිරිවිජයාරාම විහාරස්ථාන අසල ක්‍රීඩා පිටියේ දී මෙම අවුරුදු උත්සවය පැවැත්වීමට සූදානම් කරමින් සිටියදී මෙම අවාසානාවන්ත අනතුර සිදුව ඇත. අඩි 40ක් පමණ උසැති මෙම ග්‍රීස් ගසෙන් ඇදවැටුණු පාසල් සිසුවා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව පිටිගල පොලීසිය වැඩිදුරටත් පැවසීය.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 16ක පාසල් සිසුවෙකු වන අතර, එම සිසුවා මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී ප්‍රතිඵල බලාපොරොත්තු සිටි අයෙක් බව සඳහන් වේ. පස්චාත් මරණ පරීක්ෂණය ඇල්පිටිය මූලික රෝහලේ දී සිදුකිරීමට නියමිත අතර, පිටිගල පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

මැතිවරණ අපේක්ෂකයින් 18ක් අත්අඩංගුවට

මැතිවරණ අපේක්ෂකයින් 18ක් අත්අඩංගුවට