ලංකාවටම ව්‍යසනයක් - ආයතන රැසකින් රතු එළි - දැනටමත් කොට්ඨාස 57ක පුද්ගලයින් 10,545 දෙනෙකුට පීඩා

Report

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 10,000කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ, දිස්ත්‍රික්ක 12ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 57ක පවුල් 2,736කට අයත් පුද්ගලයින් 10,545 දෙනෙකු මෙසේ පීඩාවට පත්ව තිබෙන බවයි.

එසේම එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියේ, ආරක්ෂිත ස්ථාන 4ක බලපෑමට ලක්වූ පුද්ගලයින් 182 දෙදෙනෙකු මේ වන විට රඳවා තිබෙන බවයි.

උදේම ලංකාවට බයේ හිටපු නිවේදනය දෙයි - ඉතා ප්‍රබල සුළි කුණාටුවක් - අද 1න් පස්සේ වෙන දේ

උදේම ලංකාවට බයේ හිටපු නිවේදනය දෙයි - ඉතා ප්‍රබල සුළි කුණාටුවක් - අද 1න් පස්සේ වෙන දේ

“දිස්ත්‍රික්ක වශයෙන් ගත්තහම අම්පාර, කොළඹ, ගම්පහ, යාපනය, කළුතර, මහනුවර, කුරුණෑගල, මාතර, පුත්තලම, රත්නපුර, මන්නාරම, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල මේ මස 23 වැනිදා පටන් ඇති වූ වැසි සහිත තත්ත්වය සමඟ පුද්ගලයින් 10,545 දෙනෙකු පීඩාවට පත්වීම වාර්තා වුණා. කොළඹ දිස්ත්‍රික්කයේ ආරක්ෂිත ස්ථානයක් පවතිනවා. එහි පුද්ගලයින් 27 දෙනෙකු රඳවා සිටිනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ ආරක්ෂිත ස්ථාන දෙකක පුද්ගලයින් 33 දෙනෙකු රඳවා ඇති අතර, මන්නාරම් දිස්ත්‍රික්කයේ ආරක්ෂක ස්ථානයක පුද්ගලයින් 122කු ඇතුළු පුද්ගලයින් 182ක් තාවක්කාලිකව එම ස්ථානවල රඳවා සිටිනවා. නිවාස අර්ධ හානි 215ක් වාර්තා වී ඇති අතර, පුත්තලම ප්‍රදේශයෙන් දියේ ගිලී මියයෑමක් වාර්තා වුණා අවුරුදු 56ක අයෙක්. ගතවු පැය 24 තුළ කිලිනොච්චිය, මන්නාරම, යාපනය, මුලතිව් සහ කළුතර දිස්ත්‍රික්කවල මි.මී 100ක් වැසි වාර්තා වුණා. ”

ඊට අමතරව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන ප්‍රධාන ජලාශ 17ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 13ක් මේ වන විට වාන් දමමින් ඇති බවයි.

දැනුම්දීමක් - දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ අද මේ අයටත් නිවාඩු

දැනුම්දීමක් - දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ අද මේ අයටත් නිවාඩු

එසේම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස්.සූරියබණ්ඩාර මහතා පැවසුවේ ගිං, නිල්වලා, කළු, කැලණි ගංගාවල මෙන්ම අත්තනගලු ඔයේ සහ මහ ඔය අවට පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි.

එමෙන්ම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දන්වා ඇත්තේ දිස්ත්‍රික්ක 3ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11කට නායායාමේ රතු නිවේදන නිකුත් කර ඇති බවයි.

තවද එම සංවිධානය පවසා ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, අයගම, පැල්මඩුල්ල, කුරුවිට, ඇලපාත සහ ඕපනායක, කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල සහ දොඩංගොඩ මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුවකෝරලේ සහ නෝවුඩ් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බවයි.

බෙංගාල බොක්කේ 'ඔර්නබ්' සුළි කුණාටුව 'ඉතා චණ්ඩ' තත්ත්වයට - ඉන්දියාව දෙසට ගමන් කළත් ලංකාවට දැවැන්ත වැසි සහ තද සුළං

බෙංගාල බොක්කේ 'ඔර්නබ්' සුළි කුණාටුව 'ඉතා චණ්ඩ' තත්ත්වයට - ඉන්දියාව දෙසට ගමන් කළත් ලංකාවට දැවැන්ත වැසි සහ තද සුළං

මේ අතර දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා අදියර 1 සහ අදියර 2 යටතේ වන අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කරයි.

එසේම කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දන්වා ඇත්තේ ඔර්නබ් සුළි කුණාටුව ඉතා ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බවයි.

එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නදීකා රණවීර මහත්මිය අද දිනයේ දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවද සඳහන් කර ඇත.

තෙල් ගැන නරක ආරංචියක් - ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී පෙට්‍රල් මිල ඉහළට - නවතම මිල ගණන් මෙන්න

තෙල් ගැන නරක ආරංචියක් - ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී පෙට්‍රල් මිල ඉහළට - නවතම මිල ගණන් මෙන්න