පයාගලම නොසන්සුන් වෙයි - පස් කන්දක් කඩා වැටෙයි - නිවාස තුනකට හානි
පයාගල ප්රදේශයට ඊයේ (26) දින සවස ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟම පිනිඳියමුල්ල ග්රාම නිලධාරී වසමේ නිවාස තුනකට පස් කන්දක් කඩා වැටීමෙන් දේපළ හානි සිදුව ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම ප්රදේශයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ එම නිවාස පිටුපස පිහිටි කන්දෙන් කොටසක් එම නිවෙස් වෙත වැටී ඇති බව සඳහන්.
එසේම මෙම අනතුරෙන් නිවාස හිමියන්ට හානියක් සිදුව නොමැති අතර, දේපළවලට හානි සිදුව ඇති බව වාර්තා වේ.