අනිද්දා සාමාන්‍ය පෙළ ලියන සියලුම සිසුන්ට දැනුම්දීමක්..
ලබන 06 වන දා ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගයේ අපේක්ෂකයින් සඳහා පමණක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාල කිහිපයක් අද දිනයේ ද විවෘතව තැබෙන බව දන්වා තිබෙනවා.
ඒ අනුව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ගාල්ල, කුරුණෑගල, වවුනියාව, මඩකලපුව සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පළාත් කාර්යාල ද අද පෙරවරු 8.30 සිට පස්වරු එක දක්වා විවෘතව තැබෙන බවයි.
මේ වනතෙක් ජාතික හැඳුනුම්පත් සඳහා ඉල්ලුම් නොකළ සාමාන්‍ය පෙළ අපේක්ෂකයින් විදුහල්පතිවරයා හෝ ග්‍රාම නිලධාරිවරයා විසින් සහතික කළ, නිසි ලෙස සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පතක් රැගෙන පැමිණිය යුතු බවයි, එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
අදාළ තොරතුරු තහවුරු කිරීමේ ලිපිය www.drp.gov.lk වන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට පිවිස බාගත කර ගත හැකි බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
මේ අතර 2023 සාමාන්‍ය පෙළ විභාගය සඳහා දෙවැනි වර පෙනී සිටින අපේක්ෂකයින් 11,000කට ආසන්න පිරිසකට ඔවුන් අයදුම් නොකළ විද්‍යාව විෂය ද, අමතර විෂයක් ලෙස ඇතුළත් කර විභාග ප්‍රවේශ පත්‍රය නිකුත් කිරීමේ සිද්ධියක් ද වාර්තා වනවා.
