සාමාන්‍ය පෙළ ලියන සිසුන්ට විශේෂ පණිවුඩයක්..මේ ගැන පාසල් වලටත් දැනුම්දෙයි..
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවැනි වර අයදුම්කරුවන් 10,000කට අධික සංඛ්‍යාවකට අයදුම් නොකළ විෂයක් ඇතුලත් විභාග ප්‍රවේශපත් ලැබී තිබෙන බව දිවයිනේ නන්දෙසින් වාර්තා වුණා.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, තාක්ෂණික කරුණක් හේතුවෙන් මෙම ගැටලුව ඇතිවී ඇති බවයි.
කෙසේ වෙතත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, මේ වන විට එම ගැටලුව විසඳා ඇති බවයි.
එම ගැටලුව සම්බන්ධයෙන් අදාළ පාසල්වලට දැනුම් දී ඇති බවත්, අයදුම්කරුවන් විභාගයට පෙනී නොසිටියේ යැයි විභාගයෙන් පසුව කිසිවිටෙකත් සලකුණු නොවන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කර සිටිනවා.
2023 වසරට අදාළ අපොස සාමාන්‍ය පෙළ විභාගය මැයි 6 වැනිදා ආරම්භවීමට නියමිතයි.
ඊට අයැඳුම්කරුවන් 452979ක් සුදුසුකම් ලබා තිබේ.