සාමාන්‍ය පෙළ ලියූ සියලුම සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්..

Ministry of Education Department of Examinations Sri Lanka G.C.E. (O/L) Examination Education
By Aruna Sep 29, 2024 02:34 AM GMT
Aruna

Aruna

Report

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵළ නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම අයදුම්පත් ඔක්තෝබර් 01 දා සිට 14 වන දින දක්වා සිදුකරන බවයි එහි සඳහන්ව ඇත්තේ.

තවද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා ඇත්තේ, ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් සිදුකිරීමට අවශ්‍යනම් 1911 ක්ෂණික දුරකථන අංකයෙන් හෝ 011 2 785 922, 0112 786 616, 011 2 784 208 හෝ 011 2 784 537 යන අංක ඇමතීමෙන් විමසීම් කළ හැකි බවයි.

කන්‍යා,මකර සහ මීන ලග්න හිමියන් අද වෙනදාට වඩා කල්පනාකාරී වන්න..ලග්න 06කට ඉතාමත් ශුභයි..

කන්‍යා,මකර සහ මීන ලග්න හිමියන් අද වෙනදාට වඩා කල්පනාකාරී වන්න..ලග්න 06කට ඉතාමත් ශුභයි..


මේ අනුව, 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව, විභාග ප්‍රතිඵල www.doenets.lk හෝ  www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලින් ලබාගත හැකි බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

එමෙන්ම සියලු විදුහල්පතිවරුන් වෙත අයදුම්පත් එවීම සඳහා ලබාදී ඇති පරිශීලක නාමය සහ මුරපදය භාවිත කර අදාළ පාසලේ විභාග ප්‍රතිඵල ලේඛනය බාගත කර මුද්‍රිත පිටපතක් ලබා ගැනීමේ පහසුකම් සලසා ඇති බව ද සඳහන්.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 452,979 දෙනෙකු පෙනී සිටි අතර ඉන් 387,648ක් පාසල් අයදුම්කරුවන් වනවා.

නව ජනපති ඉන්ධන මිල විශාල ගණනකින් අඩුකරයි?..පෙට්‍රල් සහ ඩීසල් 150ත් 200 යත් අතරට බස්සයි.!!

නව ජනපති ඉන්ධන මිල විශාල ගණනකින් අඩුකරයි?..පෙට්‍රල් සහ ඩීසල් 150ත් 200 යත් අතරට බස්සයි.!!


65,331 දෙනෙකු පෞද්ගලික අයදුම්කරුවන් ලෙස විභාගයට පෙනී සිට ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

පසුගිය මැයි මස 6 වනදා සිට 15 වනදා දක්වා විභාග මධ්‍යස්ථාන 3,527 කදී විභාගය පවත්වනු ලැබීය.

.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%