සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන අධ්‍යාපන ඇමතිගෙන් දැනුම්දීමක්....

Ministry of Education Department of Examinations Sri Lanka G.C.E. (O/L) Examination Education
By Aruna Sep 14, 2024 06:57 AM GMT
Aruna

Aruna

Report

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල සති දෙකක් ඇතුළත ප්‍රකාශ කිරීමේ හැකියාව පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් දැනුම්දෙනු ලැබුවා.

එළබෙන 2025 වසරේ සිට කිසිඳු පසුවීමක් නොමැතිව විභාග, වාරසටහන් සහ විභාග කාලසටහන ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති බවයි, අද (14) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

රට පුරා ගුරුවරුන් පිරිසකට රුපියල් 7500ක විශේෂ දීමනාවක්..ලැබෙන පිරිස මෙන්න.

රට පුරා ගුරුවරුන් පිරිසකට රුපියල් 7500ක විශේෂ දීමනාවක්..ලැබෙන පිරිස මෙන්න.


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුසිල් ප්‍රේමජයන්ත මහතා,

"ලබන වසරේ පාසල් වාරය ආරම්භ වෙනවා ජනවාරි 02වැනිදා. නමුත් තුන්වැනි වාරයේ සති දෙකක් පාසල් පවත්වන්න වෙනවා දිග ගණන ආවරණය කරන්න.

2025 ජනවාරි 20 පළමු පාසල් වාරයේ පළමු දිනය ආරම්භ වෙනවා. ඒ වනවිට නිල ඇඳුම්, පෙළපොත්, සියල්ල සූදානම් බවට සහතියක් ලබාදෙන්න පුළුවන්.

විභාග සියල්ලම කල් ගිහිල්ලා තිබුණා. මේ අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගය හෙට පවත්වනවා.

ඒ වගේම පහුවෙලා තිබූ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊළඟ සති දෙක තුළ ලැබෙනවා.

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්..සියලු දෙනාම මේ ගැන දැනුවත් වන්න.

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්..සියලු දෙනාම මේ ගැන දැනුවත් වන්න.


මාස ගණන්, අවුරුදු ගනන් කල්ගිය උසස්පෙළ විභාගය මේ අවුරුද්දේම නොවැම්බර් 25 තියන්න කාලසටහන් යවලා කටයුතු කරලා තිබෙනවා.

2025දී කිසිම පසුවීමක් නැතිව විභාග, වාරසටහන් සහ විභාග කාලසටහන එකට ක්‍රියාත්මක වෙනවා".