ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්..සියලු දෙනාම මේ ගැන දැනුවත් වන්න.

Report

2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (15 දා) පෙරවරු 9.30 සිට දහවල් 12.15 දක්වා පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.

මෙවර පහ ශ්‍රේණිය විභාගය සඳහා අයැදුම්කරුවන් තුන් ලක්ෂ විස්තුන් දහස් අටසිය හැත්තෑ නවදෙනකු(323879) පෙනී සිටීමට නියමිත අතර, දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2849කදී විභාගය පැවැත්වීමට නියමිතව ඇත.

ඡන්දයට නිවාඩු ලබාදීම ගැන රාජ්‍ය සහ පෞද්ගලික අංශයට විශේෂ දැනුම්දීමක්..

ඡන්දයට නිවාඩු ලබාදීම ගැන රාජ්‍ය සහ පෞද්ගලික අංශයට විශේෂ දැනුම්දීමක්..


මේ අතර, ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන හෙට දිනයේ විභාග මධ්‍යස්ථාන අවට ශබ්ද විකාශන යන්ත්‍ර යොදා මැතිවරණ ප්‍රචාරක කටයුතු නොපවත්වන ලෙසයි, විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරන්නේ.

එමෙන්ම විභාගය සඳහා පෑන් භාවිත කරන්නේ නම් ඒ සඳහා කළු හෝ නිල් පෑනක් පමණක් භාවිත කරන ලෙසත් වෙනත් වර්ණ පාවිච්චි නොකරන ලෙසත් ඔහු දැනුම් දී තිබේ.

දරුවන් පැන්සල භාවිත කරන්නේ නම් ඒ සඳහා කිසිඳු බාධාවක් නොමැති අතර පැන්සලෙන් ලියන දරුවන්ට පැන්සල් කීපයක් රැගෙන එන ලෙසයි, එහිදී අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..මේ ගැන කල්තියා දැනුවත් වන්න.

ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..මේ ගැන කල්තියා දැනුවත් වන්න.


එමෙන්ම විභාග මධ්‍යස්ථානයට මකන කෑල්ලක්, අඩි කෝදුවක් සහ වතුර බෝතලයක් රැගෙන යාමට අවසර හිමිවෙයි.

ස්මාර්ට් වර්ගයේ අත්ඔරලෝසු සහ ෆයිල් කවර විභාග මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට අවසර නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.