O/L සිසුන්ට දැනුම් දීමක්..ප්‍රතිඵල නිකුත් කරයි???.

Sri Lanka Education School O/L exam result
By Aruna Sep 12, 2021 08:39 AM GMT
Aruna

Aruna

Report

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ලබන සතිය තුළ අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය මාර්තු මාසයේ පැවති සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්වල ප්‍රායෝගික පරීක්ෂණ මෙතෙක් සිදුනොකිරීම හේතුවෙන් විභාග ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වී ඇති බව වාර්තා වේ.

ගුරු වෘත්තිය සමිති ආරම්භ කර ඇති වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් සෞන්දර්ය විෂයන්වල ප්‍රායෝගික පරීක්ෂණ සිදුකිරීමට නොහැකි වී ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම නිසා ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වී ඇති අතර ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ලබන සතිය තුළ අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලින් ඉවත් වීම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසා සිටියේ, ප්‍රතිඵල ප්‍රමාද වී ඇත්තේ ගුරු වර්ජනය නිසා නොව කොවිඩ් වසංගතය හේතුවෙන් බවය.

මේ වන විට රජය විසින් ප්‍රායෝගික පරීක්ෂණයේ ලකුණු එකතු නොකර විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ සුදානම් ඇති බව ද ඒ මහතා පැවසීය.

මේ අතර රටට අවශ්‍ය නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසෙමින් පවතින සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ පාසල්වල පවතින විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා නිසි ක්‍රමවේදයක් කඩිනමින් සැකසිය යුතු බවය.

පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේදී අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම අදහස් පළ කර තිබේ.

ශ්‍රී ලංකාවේ නීතිය විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සඳහා වන තාක්ෂණික කමිටු වාර්තාව සති දෙකක් ඇතුළත ඊට අදාළ අනුකාරක සභාවට ලබාදීමට නියමිත බව ද උපදේශක කාරක සභාවේදී අනාවරණය වී තිබුණි.

වර්තමානයේ මතුව ඇති ගුරු – වැටුප් විෂමතා විසදීම පිළිබඳව සහ ගුරුවරුන් ස්ථානගත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව ද මෙහිදී වැඩිදුරටත් අවධානය යොමු වූ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now