උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්..සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම ගැනත් ආරංචිය.

Report

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට තෝරා ගැනීමේ කඩයිම් ලකුණු ඉදිරි දෙසතිය ඇතුළත නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ උපසභාපති මහාචාර්ය චන්දන උඩවත්ත මහතා ප්‍රකාශ කර සිටිනවා.

මේ වනවිට එම අදියරේ කටයුතු බොහෝ දුරට අවසන් වී ඇති බවත් මෙවර විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව 45000කට අධික බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ලබන 15 වනදා වන විට ලක්ෂ 50කට දෙන්න යන දේ මෙන්න..එදාට සියලු පෝලිම් ඉවරයි.

ලබන 15 වනදා වන විට ලක්ෂ 50කට දෙන්න යන දේ මෙන්න..එදාට සියලු පෝලිම් ඉවරයි.


මේ අතර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි සති දෙක ,තුන ඇතුලත නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පසුගියදා ප්‍රකාශ කළේ ය.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළ පරිදි තවත් සති දෙකක් ඇතුලත සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් විය යුතුය ඇත. එනම් ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කරන 21 ක් වන දිනයට පෙර ප්‍රතිඵල නිකුත්විය යුතු වේ.

කෙසේවෙතත් මීට පෙර සිටම සඳහන් කර තිබුණේ සැප්තැම්බර් මාසයේ සාමාන්‍ය ප්‍රතිඵල නිකුත් කිරන බවයි.

ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදුන් සිසුන්ට ප්‍රතිඵල නිකුත් කිරීමේ සුබ ආරංචිය ලඟදීම ලැබෙනු ඇත.