ලබන 15 වනදා වන විට ලක්ෂ 50කට දෙන්න යන දේ මෙන්න..එදාට සියලු පෝලිම් ඉවරයි.
ලබන මස 15 වැනිදා වනවිට නව ආරක්ෂක උපාංගයන්ගෙන් සමන්විත විදෙස් ගමන් බලපත්‍රය මෙරටට ලැබෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව නව විදෙස් ගමන් බලපත්‍ර ලක්ෂ 50ක් ඇනවුම් කර තිබෙන බවත්, ලබන මස 15 වැනිදා වනවිට එහි පළමු තොගය මෙරටට ලැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.
එම තොගය ව්දෙස් ගමන් බලපත්‍ර 50000කින් සමන්විත වනවා. එම තොගය ලැබීමත් සමග විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී උද්ගතව ඇති ගැටලු වලට විසඳුම් ලැබෙනු ඇතිබවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ, එතෙක් දෛනිකව විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම දහසකට සීමා කර ඇති බවයි.