සාමාන්‍ය පෙළ විභාගය වසරකට නවත්වන්නැයි පාර්ලිමේන්තුවට අලුත් යෝජනාවක්..

Report

උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කිරීම සඳහා මතුව ඇති ගැටලුව අද දිනයේදී විසදෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ප්‍රමාද වීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ඇති වූ සංවාදයේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

පිළිතුරු පත්‍ර පරීක්ෂාව මාස 2ක පමණ කාලයක් ප්‍රමාද වීම හේතුවෙන් ගැටලු ගණනාවක් පැන නැගී ඇති බවයි පක්ෂ-විපක්ෂ මන්ත්‍රීවරුන් එහිදී පෙන්වා දුන්නේ.

පිළිතුරු පත්‍ර පරීක්ෂාව ප්‍රමාද වීම හේතුවෙන් ඉදිරියේදී මතුවන ගැටලු මඟ හරවා ගැනිමට එක් වර්ෂයක සාමාන්‍ය පෙළ විභාගයක් නොපවත්වා සිටීමට නොහැකි දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා එහිදී යෝජනාවක් ඉදිරිපත් කළා.

එම යෝජනාවට අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ එය ක්‍රියාත්මක කිරීම ලෙහෙසි පහසු කාර්යක් නොවන බවයි.

ඒ සදහා සමස්ත අධ්‍යාපන පද්ධතියම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව වෙනස් කළයුතු බවයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now