හිමලන්තයක් වුන නුවරඑළිය..
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් නුවරඑලිය ප්‍රදේශයේ උෂ්ණත්වය පහළ වැටීම නිසා අධික සීතල කාළගුණ තත්වයක් පැවතීම හේතුවෙන් ජන ජීවිතටය මෙන්ම සතා සිව්පාවුන්ද දැඩි ලෙස පීඩාවට පත් වී ඇත.
නුවරඑලිය නගරයේ සැරිසැරීමට අතහැර දමා ඇති පෝනියන් රංචුවක් පවතින අයහපත් කාළගුණයෙන් පීඩාවට පත්ව ඇත.
පවතින අයහපත් කාළගුණය තේ වගාවට මෙන්ම එළවළු වගාවටද දැඩි බලපෑම් එල්ල කරන බව ප්‍රදේශවාසීන් කියා සිටියි.
(15) දිනයේ නුවරඑලියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 12ක් බවයි නුවරඑලිය කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.