කුඹුරේ වැඩ කරමින් සිටි ගොවියා අවාසනාවන්ත ලෙස අකුණු සැර වැදී මරුට

Report

මහඔය, බොරපොල ප්‍රදේශයේදී ඊයේ (30) අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇත.

මියගිය පුද්ගලයා බොරපොල ප්‍රදේශයේ කුඹුරේ වැඩ කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බව පොලිසිය සඳහන් කර තිබේ.

කුඹුරු වැඩවල නිරතව සිටියදී අනපේක්ෂිත ලෙස ඇදහැලුණු අකුණු සැර වැදීමෙන් ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.

මියගිය පුද්ගලයා 60 හැවිරිදි වියේ පසුවන්නෙකි මහඔය පොලීසිය විසින් මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි .