මනන්කැටියම පුදුමයෙන් - විශාල භූ ජල මූලාශ්‍රයක් සොයාගනියි

Report

ඌරුබොක්ක නගර මධ්‍යයේ මනන්කැටිය ප්‍රදේශයෙන් විශාල භූ ජල මූලාශ්‍රයක් ඊයේ දින සොයාගත් බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කර තිබේ.

 එම මණ්ඩලය සඳහන් කළේ ඉන් මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ දස දහස් සංඛ්‍යාත පිරිසක් මුහුණ දෙන උග්‍ර පානීය ජල අර්බුදයට විසඳුමක් ලැබෙනු ඇති බවයි .

කුඩා පෑවිල්ලටත් ඌරුබොක්කේ ළිං ජලය සිදී පානීය ජල අර්බුදයක් මතු වන බවත් ඊට පිළියම් ලෙස බවුසර් මගින් ජල බෙදා හැරීමට සිදුවන බවද එහෙත් මෙවර එය ද සිදු නොවූ බව ප්‍රදේශවාසීන් ප්‍රාදේශීය සභාවට චෝදනා කර තිබේ.

රාජ්‍ය සේවයට බඳවාගෙන සිටින සේවකයන්ට ස්ථිර පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් චක්‍රෙල්ඛයක්

රාජ්‍ය සේවයට බඳවාගෙන සිටින සේවකයන්ට ස්ථිර පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් චක්‍රෙල්ඛයක්

එමෙන්ම ඌරුබොක්ක නගරයත්, දම්පහල මාර්ගය, හුලංකන්ද පාර, හීගොඩ පාර, අමුහේන්ගොඩ, හොරගස්මන්ඩිය, කටුවන පාර, කීරපිටිය පාර ආදී ගම්මාන රැසක ජනතාවත් හීගොඩ රෝහල හා හුලංකන්ද, පට්ටිගල, කීරපිටිය, ගින්නලිය, බෙරලපනාතර යන පාසල්වල දෛනික කටයුතු පවා අකර්මණ්‍ය වූ බව සදහන් කර  ඇත

තවද පස්ගොඩ ප්‍රාදේශීය සභාව චෝදානා කළේ ජල හිඟයෙන් පවුල් 10,000ක පුද්ගලයින් 50,000කට අධික පිරිසක් පීඩාවට ලක් වූ බවයි.

 ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ දකුණු පළාත් භාර භූ විද්‍යාඥ ඉන්ද්‍රජිත් ගමගේ මහතා ප්‍රකාශ කළේ පසුබිමක පස්ගොඩ ප්‍රාදේශීය සභාව කළ ඉල්ලීමක් මත මෙම විශාල ජල මූලාශ්‍රයක් සොයාගැනීමට හැකි වූ බවයි .