ඩොලරයට සාපේක්ෂව රුපියල 2.9%කින් අවප්‍රමාණය වෙලා - හේතුව මෙන්න

Report

2026 අප්‍රේල් අවසානය වන විට ශ්‍රී ලංකා රුපියල, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 2.9%කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර තිබේ .

2026 පෙබරවාරි අග මැද පෙරදිග ගැටුම් ආරම්භ වීමෙන් පසු ඇති වූ විදේශීය අංශයේ පීඩනයන් රුපියල අවප්‍රමාණය වීමට බලපා ඇති බව වාර්තා වේ .

මේ අතර 2026 වසරේ මාර්තු මස අග වන විට, චීන මහජන බැංකුව සමඟ වන විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළත්ව, දළ නිල සංචිත එ.ජ. ඩොලර් බිලියන 7.0ක් විය .

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරන්නේ මහ බැංකුව විසින් විදේශ විනිමය මිලදී ගනු ලැබුව ද, විදේශණය සේවා කරණ ගෙවීම් සිදු කිරීම මාසය තුළ දී දළ නිල සංචිතපහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවයි