කම්කරු දිනය වෙනුවෙන් කොළඹ මැයි රැලි රැසක්

Report

අදට (1) යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සඳහා මේ වනවිට මෙරට දේශපාලන පක්ෂ රැසක් සිය කටයුතු සූදානම් කර තිබෙන අතර ඒ යටතේ කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් මැයි රැලි 4ක් පැවැත්වීමට නියමිතව තිබේ .

ඒ අනුව ආණ්ඩුව නියෝජනය කරන ජාතික ජන බලවේගය, මෙවර මැයි රැලි 21ක් දිස්ත්‍රික්ක 21කදී පැවැත්වීමට සැලසුම් කර ඇත එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නුවරඑළියේ සහ මහරගම පැවැත්වෙන රැලි සඳහා එක්වීමට නියමිතය.

සමගි ජන බලවේගයේ මැයි දින රැලිය මෙවර මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ සර්වජන බලය සංවිධාන කරන මැයි දින රැලිය පැවැත්වෙන්නේ කොළඹ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේදීය.

ලෝක කම්කරු දිනය අද

ලෝක කම්කරු දිනය අද

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර සිය මැයි දින රැලිය බොරැල්ල කැම්බල් පිටියේ පවත්වන අතර, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිය මැයි දින රැලිය කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මැයි දින රැලි හේතුවෙන් අද (01) කොළඹ අවට විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වෙයි.