මාස 6ක් තුළ බ්‍රිතාන්‍යයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක්?

Report

උතුරු ලන්ඩනයේ ගෝල්ඩර්ස් ග්‍රීන්හි සිදුවූ පිහිඇණුමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලැබීමේ සිද්ධියත් සමග එක්සත් රාජධානියේ ත්‍රස්ත තර්ජන සැලකිය යුතු මට්ටමේ සිට 'දරුණු මට්ටම දක්වා ඉහළ දමා ඇත .

ඒ හේතුවෙන් ඉදිරි මාස 06 තුළ ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවීමට බොහෝ දුරට ඉඩක් ඇති බවට කරුණු අනාවරණය කරගෙන තිබේ.

ඉකුත් බදාදා සිදුවූ අදාළ පිහිඇණුමින් යුදෙව් ජාතිකයන් දෙදෙනෙකු තුවාල ලැබූ අතර, එම සිද්ධියට 45 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඉරාන හිතවාදී ත්‍රස්ත කණ්ඩායමක් වන 'හරකාත් අෂාබ් අල්-යමින් අල්-ඉස්ලාමියා' සංවිධානය එම සිදුවීමේ වගකීම මේ වනවිට භාරගෙන තිබේ .

කෙසේ නමුත් බ්‍රිතාන්‍ය පවසන්නේ, ත්‍රස්ත තර්ජන මට්ටම ඉහළ දැමීම ගෝල්ඩර්ස් ග්‍රීන් ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස සිදු නොවූවක් බවය.

බ්‍රිතාන්‍ය සදහන් කරන්නේ 'පුළුල් ඉස්ලාමීය සහ අන්ත දක්ෂිණාංශික' තර්ජනවල වැඩිවීම් සැලකිල්ලට ගෙන එය සිදුකළ බවයි.

බදාදා ප්‍රහාරය එක්සත් රාජධානියේ යුදෙව් ප්‍රජාව ඉලක්ක කරගත් සිදුවීම් මාලාවක නවතම සිදුවීම ලෙස සැලකෙන අතර, අවසන්වරට තර්ජන මට්ටම දරුණු ලෙස සලකනු ලැබුවේ 2022 පෙබරවාරි මාසයේදී වේ