මුළු රටම කළඹමින් මරණයට පත් වුණ මහා භාණ්ඩාගාර නිලධාරියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද

Report

සැකකටයුතු ලෙස මිය ගිය මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (01) සිදු කිරීමට නියමිතව ඇත.

 මහා භාණ්ඩාගාරයේ විදෙස් ණය පියවීමකදී අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් තෙවන පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්සන දෙපාර්තමේන්තුව සහ තවත් අංශ කිහිපයක් එක්ව විමර්ශන ආරම්භ කරනු ලැබ තිබේ.

 ඒ වගේම ඊට අදාළව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් 4 දෙනෙකුගේ වැඩ තහනමකට ලක්  කරන ලදි.

එම පිරිස අතරට මෙම නිලධාරියාද ඇතුළත් වේ.

ඝාතනයක්ද? සියදිවි නසාගැනීමක්ද? මුදල් අමාත්‍යාංශයේ රංග රාජපක්ෂගේ මරණය පිටුපස සැඟවුණු කතාව

ඝාතනයක්ද? සියදිවි නසාගැනීමක්ද? මුදල් අමාත්‍යාංශයේ රංග රාජපක්ෂගේ මරණය පිටුපස සැඟවුණු කතාව

 කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන එම නිලධාරියාගේ මළ සිරුර ඔහුගේ නිවස පිටුපස ගෙවත්තේ තිබී පොලීසිය විසින් ඊයේ පෙරවරුවේ සොයාගනු ලැබීය.

ඔහුගේ මිය යාම සිය දිවි හානි කර ගැනීමක්ද යන්න සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ සිදු කරමින් පවතී.

අද දිනයේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.

කුඹුරේ වැඩ කරමින් සිටි ගොවියා අවාසනාවන්ත ලෙස අකුණු සැර වැදී මරුට

කුඹුරේ වැඩ කරමින් සිටි ගොවියා අවාසනාවන්ත ලෙස අකුණු සැර වැදී මරුට