ඛණිජතෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්
ඉන්ධන මිලෙහි සංශෝධයක් අද (01) දිනයේ සිදු නොවන බව ඛණිජතෙල් නීතිගත සංස්ථාව සදහන් කරයි .
ඒ සම්බන්ධව තීරණයක් ඉදිරියෙදී ගනු ඇත
ඒ වගේම අවසන් වරට ඉන්ධන මිල සංශෝදනය සිදු කෙරනු ලැබුවේ පසුගිය මාර්තු 21 වන දිනයි.
එහිදී රුපියල් 317ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 81කින් ඉහළ දැමූ අතර ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල නව මිල වුයේ රුපියල් 398කි.
රුපියල් 365ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දැමූ අතර එහි නව මිල රුපියල් 455ක් දක්වා ඉහල ගොස් තිබේ.
රුපියල් 303ක්ව පැවති ඔටෝ ඩීසල් ලීටරයක මිල ද රුපියල් 79කින් ඉහළ ගිය අතර එහි නව මිල වූයේ රුපියල් 382කි.
රුපියල් 353ක්ව පැවති සුපිරි ඩීසල් ලීටරයක මිල ද රුපියල් 90කින් ඉහළ දැමූ අතර එහි නව මිල රුපියල් 443ක් දක්වා ඉහල ගියේය.
මේ අතර ලීටරයක් රුපියල් 195ක්ව පැවති භූමිතෙල් මිල ද රුපියල් 60කින් ඉහළ දැමීමට කටයුතු කර අතර එහි නව මිල වූයේ රුපියල් 255කි.