මාලිමාවට විරුද්ධ වෙන මාලිමා සභිකයන් - දුෂිතයන් පත් කරන්න දෙන්නෑ

Report

නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට තේරීපත් වූ ජාතික ජන බලවේගයේ සභාපති ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා සහ එම පක්ෂයේ සියලුම සභිකයින් 6 දෙනා, ඉදිරියේදී ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇත.

අහිංසක දෙමළ මිනිස්සු මරලා දැම්මට මහින්ද රාජපක්ෂ වගකියන්න ඕනේ - මන්ත්‍රී අර්චුනා

අහිංසක දෙමළ මිනිස්සු මරලා දැම්මට මහින්ද රාජපක්ෂ වගකියන්න ඕනේ - මන්ත්‍රී අර්චුනා

මෙම තීරණය ගන්නා ලද්දේ, ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් නායක පා.ම. මංජුල සුරවීරආරච්චි සහ දිස්ත්‍රික් ලේකම්වරයාගේ දැඩි බලපෑම් සහ තර්ජන හමුවේය.

ඔවුන්, සභාපතිධූරයෙන් ඉල්ලා අස්වන්නැයි ඇලන් මහතාගෙන් ඉල්ලා සිටියේය. අදාළ උත්සවය මධ්‍යම පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. එහිදී ජාතික ජන බලවේගයේ ඇලන් මහතා 12 ඡන්ද ලබා සභාපති ලෙස තෝරා පත් විය.

ප්‍රශ්නගත බහාලුම්වල සත්‍යය හෙළි කිරීමට අර්ච්චුනා සූදානම්

ප්‍රශ්නගත බහාලුම්වල සත්‍යය හෙළි කිරීමට අර්ච්චුනා සූදානම්

එහිදී දමිළ ප්‍රගතිශීලි සභිකයින්ගේ සහයද ඔහුට හිමිවිය. ඒත් ජාතික ජන බලවේගය සහ ලංකා කම්කරු කොංග්‍රසය අතර පැවති එකඟතාවය අනුව, සභාපතිධූරය ලැබිය යුත්තේ කම්කරු කොංග්‍රසය වෙනුවෙනි.

එයට විරුද්ධව විපක්ෂ සහය ඇතිව සභාපතිධූරය ලබා ගැනීම පක්ෂ විනය උල්ලංඝනයක් බවත්, එවකට නායකයන් පැවසීය. පසුව, පක්ෂ නායකයන් ඇලන් මහතාගේ නිවසට ගොස් ඔහුව මුණගැසීමට උත්සහ කළද, ඔහු නිවසේ නොසිටීම නිසා ඒය අසාර්ථක විය.

මෙම තත්ත්වයත් සමඟම සභාපතිවරයා දුරකථනය ක්‍රියා විරහිත කරමින් ආරක්ෂිත ස්ථානයක රැදී සිටින බවද සභිකයින් පැවසීය.

ජනපති අනුර කුමාරට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට ඔත්තුවක්

ජනපති අනුර කුමාරට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට ඔත්තුවක්

ඒ අනුව, ඔවුන් තීරණය කර තිබෙන්නේ, ජාතික ජන බලවේගය තුලින් ඉවත්ව ජාතික ජන බලවේගය නියෝජනය නොකරමින්, ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමටය. අවසන්ව, ඔවුන් පවසන්නේ, දූෂණ සහ බලය අවභාවිතාවට වගකිවයුතු පුද්ගලයන් නැවතත් සභාපතිධූරයට පත් කිරීම වැළැක්වීම සඳහා ඔවුන් මෙම තීරණයට පත්වූ බවයි.