හැමදාම කජු ඇට 4ක් කෑවොත් මොකද වෙන්නේ..මේ කරුණු ඔබව පුදුම කරවයි..!

beauty eye dental cashew BP
By Sewvandhi Oct 29, 2021 12:38 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කජු වල තිබෙන කිරි සහ බටර් මිශ්‍ර මිහිරි රසය නිසාත් එහි අපූරු හැඩය නිසාත් බොහෝ දෙනෙක් කජු ආහාරයට ගන්න විශාල කැමැත්තක් දක්වනවා. එහෙත් කජු ආහාරයට ගැනීම සෞඛ්‍යයට හිතකර බව පිරිසක් පවසන අතර තවත් පිරිසක් කියන්නේ අහිතකර බවයි. ඇත්තටම කජු ආහාරයට ගැනීම සෞඛ්‍යයට හිතකරද? අහිතකරද?කජු කන්න ගොඩක් අය කැමතියි.හැබැයි එහි රසයට විතරක් වහ වැටෙන්නේ නැතිව ඒවායේ තියෙන පෝෂ්‍ය පදාර්ථ ගැනත් දැනගන්න. අද  ඔබට කියන්න යන්නේ දිනපතාම කජු ඇට 4ක් කෑවොත් ලැබෙන විශ්මිත සෞඛ්‍ය ප්‍රතිලාභ ගැනයි.

හැමදාම කජු ඇට 4ක් කෑවොත් මොකද වෙන්නේ..මේ කරුණු ඔබව පුදුම කරවයි..! | Nutritional Value Of Peanut

01.දීප්තිමත් සමක්

කජු කියන්නේ සමට හිතකර තඹ සහ ප්‍රතිඔකිස්කාරක වලින් පොහොසත් ඇට වර්ගයක්. ප්‍රතිඔක්සිකාරක වයසට යාමේ සලකුණු අඩු කරන අතර තඹ සහ අනෙකුත් එන්සයිම මගින් ඔබේ සමේ ප්‍රත්‍යාස්ථතාව වැඩි කිරීමට හේතු වන කොලජන් නිෂ්පාදනය කරනවා. ඒ වගේම කජු වල ඇති තඹ මගින් ඔබේ කොණ්ඩය දීප්තිමත්ව හා ශක්තිමත්ව තබා ගන්නා අතර හිසකෙස් සිනිදු කරනවා. එමෙන්ම කජු මගින් හිසකෙස් වල වර්ණය වැඩි කරන අතරම මෙලනින් නම් වර්ණකයද නිපදවීම උත්තේජනය කරනවා.

02.ශක්තිය ලබාදීම

ප්‍රමාණයෙන් කුඩා වූවාට කජු තුළ විශාල වශයෙන් ශක්තිය ගබඩා වී තිබෙනවා. ඒ නිසා රෝගී වූ විට වගේම ගැබිනි කාලයේදී කජු ආහාරයට ගැනීම වඩා සුදුසු යැයි පිළිගැනෙනවා. ඒ එහි තුළ ගබඩා වී ඇති ශක්තිය ක්ෂණිකව ශරීරයට අවශෝෂණය වන නිසයි.කජු වල විටමින්E, K, B6, තඹ, පොස්පරස්, සින්ක්, මැග්නීසියම්, යකඩ සහ සෙලේනියම් ඇතුළු ඛනිජ හා විටමින් වර්ග රාශියක් අඩංගු වෙනවා. ඔබේ ශරීරය නිසි ලෙස ක්‍රියාත්මක වීමට මේ සියල්ලම වැදගත් කාර්ය භාරයක් ඉටු කරනවා. ඒ ඉස කජු ආහාරයට ගැනීමෙන් ඔබේ පරිවෘත්තීය ක්‍රියාවලිය යහපත් කරනවා.

හැමදාම කජු ඇට 4ක් කෑවොත් මොකද වෙන්නේ..මේ කරුණු ඔබව පුදුම කරවයි..! | Nutritional Value Of Peanut

03.ශක්තිමත් අස්ථි

සාමාන්‍යයෙන් කජු අවුන්සයක් මගින් තඹ 30% ක් සහ මැග්නීසියම් සඳහා 20% ක් ලබා දෙනවා. තඹ ඔබේ අස්ථි හා සම්බන්ධක පටක වර්ධනයට සහාය වන අතර මැග්නීසියම් වලින් ඔබේ ශරීරයට කැල්සියම් අවශෝෂණය කර ගැනීමට සහ ඔස්ටියෝපොරෝසිස් ඇතිවීමේ අවදානම අඩු කරනවා.

04නිරෝගී දෑසකට

කජු ඔබේ ඇස් නිරෝගීව තබා ගැනීමට වැදගත් වන ප්‍රතිඔක්සිකාරක වන lutein සහ zeaxanthin වලින් පොහොසත් වෙනවා. ඔබ දිනපතාම කජු ආහාරයට ගන්නවා නම්, මෙම ප්‍රතිඔක්සිකාරක ඔබේ ඇස් පෙනීම හොදින් පවත්වාගෙන යන අතර පරිසරයෙන් ඔබට සිදුවිය හැකි ආසාදන වලින් ඔබව බේරාගන්නවා. zeaxanthin මගින් ඔබේ දෘෂ්ටි විතානයට හානිකර පාරජම්බුල කිරණ වලින් ඔබව ආරක්ෂා කරනවා.

05.දන්ත සෞඛ්‍යය

කජු වල තිබෙන ඇදහිය නොහැකි සංයෝගවලින් එකක් වන්නේ ඇනකාඩික් අම්ලයයි. මෙම අම්ලයට දත් දිරායාමට හා කුරුලෑ වලට හේතු වන gram-positive බැක්ටීරියාව විනාශ කිරීමට උදව් වෙනවා.

හැමදාම කජු ඇට 4ක් කෑවොත් මොකද වෙන්නේ..මේ කරුණු ඔබව පුදුම කරවයි..! | Nutritional Value Of Peanut

06.රුධිර පීඩනයට

හදවත් රෝග වගේම අධික රුධිර පීඩනයත් වර්තමානයේ සුලබව දක්නට ලැබෙන රෝගයක්. හදවත් රෝගවලට අමතරව අධික රුධිර පීඩනය මඟින් වකුගඩු ආබාධ, අංශභාගය වැනි භයානක රෝගී තත්ත්වයන් ද ඇති කළ හැකියි. නමුත් දිනකට කජු ස්වල්පයක් ආහාරයට ගැනීමෙන් මෙතරම් අහිතකර බලපෑමක් ඇති අධික රුධිර පීඩනය පාලනය කිරීමට හැකියාවක් ලැබෙනවා. දිනකට කජු ග්‍රෑම් 30 ක් පමණ ආහාරයට ගැනීමෙන් ඔබට ලෙහෙසියෙන්ම ශරීරයේ රුධිර පීඩනය සමනය කිරීමට හැකියාව ලැබෙනවා. මෙයට ප්‍රධාන වශයෙන්ම හේතු වන්නේ කජු තුළ අන්තර්ගත ඇමයිනෝ අම්ලයි.

07.බර පාලනය

සමහරු කියනවා දිනපතාම කජු කෑවොත් බර වැඩිවිය හැකි බව. හැබැයි ඒ මතය නම් වැරදියි. කජු වල මේද අඩංගු වන නමුත් එම මේද සෞඛ්‍ය සම්පන්නයි. ඔබේ ශරීරයේ මේද හා කාබෝහයිඩ්‍රේට් වල පරිවෘත්තීය නියාමනය කිරීම සඳහා කජු වල ඇති මැග්නීසියම් ගොඩක් උදව් කරනවා. ඒ වගේම කජු නියමිත ප්‍රමාණය ඉක්මවා කෑවොත් වේගයෙන් බර අඩු කරගන්න පුළුවන්.

හැමදාම කජු ඇට 4ක් කෑවොත් මොකද වෙන්නේ..මේ කරුණු ඔබව පුදුම කරවයි..! | Nutritional Value Of Peanut

08.සාංකාව දුරු කිරීමට

මෙය ඇසූ විට ඔබට පුදුම හිතෙනවා ඇති. එහෙත් සාංකාව ඇති වීමේදී ශරීරයේ ඇතිවන හෝර්මෝන වෙනස තුලනය කිරීමට කජු තුළ අන්තර්ගත මැග්නිසියම් සහ සින්ක් සංඝටකයන්ට හැකියාව පවතින බව නවතම පරික්ෂණවලින් සොයාගෙන තිබෙනවා. විශේෂයෙන් බටහිර රටවල සාංකාවට ප්‍රතිකාර කිරීමේදී කජු ආහාරයට ලබාදෙන බව සඳහන් වෙනවා.

ශරීර සෞඛ්‍යයට වගේම මානසික සෞඛ්‍යයේ යහපැවැත්මටත් කජු ආහාරයට ගැනීම හේතු වන බව මෙයින් පැහැදිලි වනවා. කජු මෙතරම් ගුණ දෙන ආහාරයක් වුවත් අගුණ වන අවස්ථා ද තියෙනවා . ඉරුවාරදය රෝගයෙන් පෙළෙන අයට කජු ආහාරයට ගැනීම එතරම් සුදුසු වෙන්නේ නැහැ . එමෙන්ම කජුවල යම් ප්‍රමාණයක් පොටෑසියම් අඩංගු නිසා වකුගඩු රෝගීන්ටත් කජු ආහාරයට ගැනීම එතරම් හිතරක නොවේ.ඕනෑම ආහාරයක් වැඩි වශයෙන් ආහාරයට ගැනීමද සුදුසු නැත. එයින් අසාත්මිකතා ඇතිවිය හැකියි. ඒ නිසා කජුවල ගුණ අගුණ දැනගෙන ආහාරයට ගැනීමයි වඩාත් සුදුසුයි .

හැමදාම කජු ඇට 4ක් කෑවොත් මොකද වෙන්නේ..මේ කරුණු ඔබව පුදුම කරවයි..! | Nutritional Value Of Peanut

ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.


  

ReeCha